Kiriyathanna Sri Sudharshanaramaya

0
1348

රඹුක්කන මාවැන්න පාරේ කිලෝමීටර් 9 ක් ගියවිට බැද්දේවලින් හැරී ටික දුරක් යාමේදී මාර්ගය අසලම මෙම ටැම්පිට වෙහෙර පිහිටා ඇත.

මෙම කිරියාතැන්න ටැම්පිට විහාරයේ විශේෂත්වය නම් එය ධර්මශාලාව මැදිවන සේ ටැම්පිට විහාරය පිහිටා තිබීමයි. මෙය තරමක් උස ටැම්පිට විහාරයකි ප්‍රතිමා මන්දිරය අඩි 6.4 උසැති ටැම් 12 ක් මත ගොඩනඟා ඇත.  එහෙත් අද ඉන් 4 ක් පමණ ගල්ටැම් දැක ගත හැකි අතර අනෙක්වා බදාම යොදා ඇති නිසා ගල්ටැම් ලෙස හඳුනාගැනීමට අපහසුය.  පියස්සට පෙති උළු යොදා ඇති අතර, ධර්මශාලාවේ පියස්සට සිංහල උළු යොදා ඇත. ප්‍රතිමා මන්දිරය  දිගින් අඩි 9.7 ක් ද පළලින් අඩි 7.6 ක් ද ප්‍රදක්ෂිණා පථය අඩි 4.6 පළලින් ද යුක්තය.  ප්‍රදක්ෂිණා පථය වටා යන සේ දැවයෙන් කළ වැටකි.  දොරටුව දෙපද කඩුවක් අතින් ගත් දොරටුපාල රූප දෙකක් ද වේ.  ටැම්පිට විහාරයේ උළුවස්සට ඉහලින් 1932.8.11 යනුවෙන් සඳහන් කර ඇත්තේ පසුව අලුත්වැඩියට ලක්කර ඇති බව පෙනේ.