පොළොන්නරු යුගයේ මූර්ති අනුරාධපුර යුගයේ මූර්තිවලට වලින් වෙනස් මුහුණුවරක් ගෙන ඇත. මෙම යුගයේදී බලපෑ චෝල ආක්‍රමණ ඊට හේතු වී ඇති අතර, අනුරාධපුර යුගයේ බුදුපිළිම තුළ ඇති අධ්‍යාත්මික ලක්ෂණ අභිබවා උත්තුංග විලාශයක් මතු වී පෙනේ. පළල් මුහුණ, පටු නළල, පිරුණු කම්මුල් මෙම යුගයේ මූර්තිවල විශේෂ ලක්ෂණ වේ. චීවරයේ රැුලි සමාන්තර ද්විත්ව රැුලි ලෙස දක්වා ඇත. වජ්රාසන දැක්වීම, ප්රතිමාවල පිටුපස මකර තොරණ දැක්වීම, ෙදාරටුපාල හා සිංහ රූප දැක්වීම මහායාන ලක්ෂණවල බලපෑම පෙන්වයි. ප්‍රමාණයෙන් විශාල බුද්ධ ප්‍රතිමා නිර්මාණය වීම විශේෂ ලක්ෂණයකි. කළුගල් සහ ගඩොල් මාධ්‍ය ලෙස යොදාගෙන ඇත. ඊට අමතරව ලෝකඩ මාධ්‍යයෙන් හින්දු දේව පිළිම නිර්මාණය වී ඇත.
පොළොන්නරු යුගයේ මූර්ති පිළිබඳව විමසීමේදී බෞද්ධ මූර්ති හා හින්දු ලෝකඩ මූර්ති ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. බෞද්ධ මූර්ති අතර පොළොන්නරු ගල්විහාරයේ මූර්ති, පොළොන්නරු වටදාගෙයි පිළිම හා පොත්ගුල් විහාර පිළිමය ඉතා වැදගත් වේ.


පොළොන්නරු ගල්විහාරය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයකි. මෙය 12 වන සියවසට අයත් වන අතර, ”උත්තරාරාමය” නමින්ද හැඳින්වේ. මෙහි විශාල ගල් පර්වතයක මුහුණතේ පේලියට වමේ සිට දකුණට නෙලන ලද බුදු පිළිම 4 කි. එයින් දකුණු පසින් ප්‍රථමයෙන් හමුවන්නේ හිදි පිළිමයකි. මෙය ධ්‍යාන මුද්‍රාවෙන් හා විරාසන ක්‍රමයෙන් යුතු අඩි 15 ක් පමණ උස මූර්තියක් වන අතර, පල්ලව කලා ලක්ෂණ අනුව නිම වී ඇත. පිහිටි ගල් තලයේ පූර්ණ උන්නතව මතුකර ඇති ප්‍රතිමාව පසුතලයේ ගලින් අඩක් මතුකල තොරණකි. තොරණේ සිරස් කණු 2 හා තිරස් කණු තුන කැටයමින් අලංකාර කර ඇත. තිරස් කණු කෙලවර මකර, හිස් කැටයම් කර ඇත. සිරස වටා දිගටි හැඩයෙන් යුතු ගිනිදැල් වලින් සැරසූ ප්‍රභා මණ්ඩලයකි. තොරණේ පසුබිමෙහි ගලින් මතු කල විමාන හතරක් තුල කුඩා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදු පිළිම 4 කි.
විiාදර ගුහාවේ හිඳි පිළිමය
හිදි පිළිමයට පසු හමුවන්නේ විiාදර ගුහාවේ හිඳි බුද්ධ ප්‍රතිමාවයි. මෙම ගුහාව තනා ඇත්තේ පර්වතය ඇතුළට හැරීමෙනි. ඒ තුළ බුද්ධ ප්‍රතිමාව ආසනයක් මත නිමවා ඇති පිටුපස කැටයම් සහිත තොරණකි. මෙම ප්‍රතිමාව පල්ලව කලා ලක්ෂණ අනුව නිර්මාණය කර ඇත. වීරාසන ක්‍රමයෙන් හා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදු පිළිමය දෙපස චාමර සළන්නන් දෙදෙනෙකි. ඒ රූප දෙකට ඉහළින් අඩක් මතුකල දේවරූප කිහිපයකි. හිසට ඉහළින් ඇති ජත්රයද අගනා ශෛලමය නිර්මාණයකි. මෙහි අභ්‍යන්තර බිත්ති චිත්රවලින් අලංකාර කර තිබූ බව දැනට ශේෂ වී ඇති සිතුවම් කොටස් වලින් පැහැදිලි වේ.
පොළොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය

විiාදර ගුහාව සමඟම ඇති හිටි පිළිමයද මතවාදයන්වලට ලක්වූ වැදගත් මූර්තියකි. ශෛලමය පද්මාසනයක් මත වැඩ සිටින බුදුන් වහන්සේ ති‍්‍රභංග ඉරියව්වෙන් යුතුය. මෙහි උස අඩි 22 අගල් 9 ක් පමණ වේ. දෙඅත් පපුව මත බැදගත් විලාශයක් පෙන්වයි. එය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ. පිළිමයෙන් බුදුන් වහන්සේගේ පරිනිර්වාණය නිසා දුකින් තැවෙන ආනන්ද හිමියන් නිරූපණය වේයැයි සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ඒ සඳහා මෙම ප්‍රතිමාවේ මුද්‍රාව හා ආසන්නයේ ඇති සැතපෙන පිළිමය සාධක ලෙස පෙන්වා ඇත. නමුත් කවාකාර හිසකේ, උෂ්නීෂය ළඹසවන් වැනි බුදුන් වහන්සේට පමණක් සීමාවූ මහාපුරුෂ ලක්ෂණ වැඩි වශයෙන් ගැබ් වී ඇති මෙම පිළිමය නෙළුම් මලක් මත වැඩ සිටින ආකාරයෙන් නිරූපණය කර තිබේ. එම නිසා මෙය බුද්ධ ප්‍රතිමාවක් ලෙසටද උගතුන් විසින් මත පලකර ඇත.
පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන පිළිමය
