අනුරාධපුර යුගය

අනුරාධපුර යුගයේ ආරම්භය

මහාවංශය පවසන පරිදි අනුරාධපුරය එම නාමයෙන් ප‍්‍රසිද්ධියට පත්වූයේ, අනුරාධ නමැති අමාත්‍යවරයෙකු කි‍්‍ර.පූ. 6 වන සියවසේදී මල්වතු ඔය ඉවුරුබඩ ආශි‍්‍රතව ආරම්භ කරන ලද ජනාවාසයක් නිසාවෙනි. මෙම අනුරාධ ඇමතිවරයා විජයකුමරු සමඟ දඹදිව සිට පැමිණි කුමාරවරයෙකි.

There is no album selected or the album was deleted.

ඉන්පසු කි‍්‍ර.පූ. 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින්, ස්වකීය අගනුවර බවට අනුරාධපුරය තෝරාගැනීමත් සමඟ එය වඩා ක‍්‍රමානුකූලව සැලසුම් සහගතව, නිර්මාණාත්මකව නගරයක් බවට පරිවර්තනය කරයි.

ස්වකීය නගරය රෝහල්, මාර්ග පද්ධති, වැව්, සුසාන භූමි, මාර්ග පද්ධති, ජනතාවගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා අවශ්‍ය පහසුකම්, පූජනීය ස්ථාන, දාන ශාලා, උiාන ආදී සියලූම පහසුකම් සහිත අංගසම්පූර්ණ නගරයක් බවට පණ්ඩුකාභය රජු විසින් පරිවර්තනය කර ඇත.

පණ්ඩුකාභය රජුගේ කාලයේදී

කාලවේල-චිත‍්‍රරාජ යන යක්‍ෂ ගෝති‍්‍රකයන් ඔවුන්ගේ මරණින් පසු ඇදහූ බවට ජනප‍්‍රවාද පවතින අතර, පණ්ඩුකාභය රජු විසින් අභය වැව ආශි‍්‍රතව ඔවුන් උදෙසා දේවාල දෙකක් කරවූ බව පැවසේ. එම බලි, යාග හෝම, පුදපූජා සඳහා චිත‍්‍ර, බලි රූප ඇඹීම අවශ්‍ය වූ නිසාත්, පණ්ඩුකාභය යුගයේ, පැවති දියුණු සංස්කෘතිය දෙස බලන විටත්, පොදු ජනතාව තුළ ඒ වන විටත් දියුණු වෙමින් පැවති චිත‍්‍ර කැටයම් ආදි කලාවන් පිළිබඳ දැනුමක් නොතිබුණායැයි කිව හැකි නොවේ.

සියවස් පහළොවක් පමණ කාලයක් මුළුල්ලේ අනුරාධපුරය රාජධානියේ අගනුවර වූයේ අනුරාධපුරයයි. ඒ කාලය පුරාම බොහෝ රජවරුන්ගේ දායකත්වය අනුරාධපුර නගරයේ සංවර්ධනය උදෙසා හිමිවිය.