Anuragoda Tampita Viharaya

0
207

ගම්පහ දිස්ත්‍රික්කයේ වෑකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොඩ නගරයට පිවිස පැපිලියවලට ගොස් අනුරාගොඩ පාරේ ගමන් කිරීමෙන් මෙම විහාර බිමට පිවිසිය හැක.

ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවට අයත් අනුරාගොඩ විහාර භූමියේ ඇති ටැම්පිට ප්‍රතිමා මන්දිරය පුරාවිද්‍යාමක අතින් ඉතා වැදගත් වන අතර පසුකාලීන ඉංග්‍රීසි සමයේ සංඝාවසයක්, ධර්මශාලාවක්, දාගැබ සහ නව විහාරය යන ගොඩනැගිලි ඉඳිකළ බව සඳහන් වේ.

ජනප්‍රවාදයට අනුව 1775 දී පමණ මෙහි වැඩවාසය කළ පූගොඩ සුමංගල නම් හිමිනමක් විසින්  විහාරය ඉඳිකරවා ඇති බව පැවසේ.  මෙහි විශේෂ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණය වන්නේ පහල මහලයේ සිට ඉහල කුඩා මහල වෙත ඇතුලුවීමට මාර්ගයක් නොමැත.  සමහරවිට කුඩා තරප්පු පෙළක් පවැතුණා වෙන්න ද පුලුවන.

පහළ ප්‍රතිමා මන්දිරය දිග අඩි 20 සහ පළළඅඩි 18 යුක්තවන අතර,  අඩි 2 උස ගල්කණු 9 ක් මත ඉඳිකර තිබේ.  1990 දශකයේ යළිත් ප්‍රතිසංස්කරණය කර ඇති අතර අතීතයේ පැවති වරිච්චි මැටියෙන් හා සිංහල උළු සෙවිලිකර තිබූ ගොඩනැගිල්ල වැස්සට තෙමෙමින් පැවතීම නිසා  පැරණි සැලසුමට අනුව ගඩොලින් බිත්ති ඉඳිකර රටඋළු සෙවිලිකර ඇත. ප්‍රධාන උළුවස්සට අමතරව දකුණු පසින් පිටවීම සඳහා දොරටුවක් තබා තිබේ.  මෙහි ඇති හිටි බුද්ධ ප්‍රතිමාව නවීරකරණය ලක්වී ඇති අතර, ටැම් මත ලැලී තට්ටුව වෙනුවට කොන්ක්‍රීට් යොදා ඇත.  ටැම්පිට වටය ගඩොලින් බිත්ති බැඳ හිදැස් වසා ඇති අතර, පැරණි බිතුසිතුවම් ද නවීකරණයට ලක්කර ඇත.