Kulugammana Raja Maha Viharaya

0
49

මහනුවර දිස්ත්‍රික්කයේ කුළුගම්මන සියපත්තුවට කුළුගම්මන ග්‍රාමය අයත් වේ. කටුගස්තොට සිට ගොහාගොඩ හරහා හල්ඔලුවට යන මාර්ගයේ කුළුගම්මන මාවතට පැමිණිය හැක. මාලගම්මන මාර්ගයෙන් ද විහාරයට පැමිණිමට හැක.

ක්‍රිස්තුපූර්ව යුගයට හිමිකම් කියන ජනප්‍රවාද විහාරයට නෑකම් කීවත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් කම්වලට මුහුණ දෙමින් නවීකරණයට ලක්වීම දක්නට ලැබේ. දූල්වල ප්‍රදේශයේ බ්‍රහ්මී ශිලා ලේඛන ඒ අතර වේ. සෙල්ලාවලී තඹ සන්නසේ ද සටහන්ව ඇති අතර අම්බලම් සාක්ෂිවලද දැක්වේ.

විහාරය කොටස් දෙකකින් යුක්ත වේ. විහාරය ඉදිරිපස පේකඩ සහිත ගල්කණු දෙකකි.  ශිලාමය උළුවස්සකි.  විහාරයේ පිට බිත්තවල පැරණි සිතුවම් දැක්වේ. දකුණු බිත්තියේ වෙස්සන්තර ජාතකය මනාව දැක්වේ.  විහාරයේ වියන් තලයේ දේවාරණාව සිතුවම් කර ඇත.  විහාරය තුල ඔත් පිළිමයක් හා යට මකර තොරණක් මෙන්ම විහාරය තුළ සූවිසිවරණය ඇඳ ඇත.  එමෙන්ම විෂ්ණු දේව රූපය, සමන්දේව රූපය අඹා ඇත.

විහාරයේ පසුපස කොටස පසු කාලයේ නිර්මාණය කර ඇති බව පැහැදිලිය.  බිත්තියේ සත්සතිය එයට පහලින් දසබෝසත්වරුන් නිර්මාණය කර ඇත.  ගම්භාර දේවියන් සිතුවම් කර ඇති අතර වියනේ මල් මෝස්තර සිතුවම් කර ඇත.  විහාරය අසලට ඝන්ඨාර කුළුණ ද ඉදිරිපස ස්ථුපයක් ද උතුරු දෙසින් බෝධින් වහන්සේ ද පිහිටා ඇත.