Suriyagoda Viharaya

0
117

කොළඹ මහනුවර මාර්ගයේ කිරිබත්කුඹුරෙන් දකුණට හැරී  සැතපුමක් පමණ දුරගොස් වතුරකුඹුර මාර්ගයේ කුඩාකන්දක් නැඟ පැමිණිවිට සූරියගොඩට පැමිණ සූරියගොඩ රජමහා විහාරය හමුවේ.

කෝට්ටේ යුගයෙන් පස්සේ බුද්ධ ශාසනය සිංහල භාෂාව හා සාහිත්‍යය පිරිහෙන්නට පටන්ගත් බවත් දහඅට සියවසේ මුල්භාගයේ පහළවුන වැලිවට සරණංකර ස්වාමීන් වහන්සේ නිසා නැවත බුද්ධශාසනය හා සිංහල භාෂාව හා සාහිත්‍ය රැකගත හැකිවුන බවත් ඒ නිසා සරණංකර ස්වාමීන් වහන්සේ සංඝනායක පදවිය පිරිනැමුන බවත් සඳහන් වේ.

එය නරේන්ද්‍රසිංහ යනුවෙන් ද හඳුන්වයි.   මෙම සූරියගොඩ පන්සල රජමහා විහාරයක් බවට පත්වන්නේ සෙංකඩගල නුවර රජකරපු හින්දු ආභාශය ඇතිව රජවුන මහනුවර යුගයේ රජවරු බුද්ධශාසනයේ දියුණුවට අතදුන්ට බව සදහන් වේ.  ශ්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා.  එතුමා තමයි සිංහල රාජ්‍ය වංශයෙහි අන්තිමයා.  නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසසේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි නානායක්කාර වංශයෙන් සිදුකරගත් ආවාහ විවාහ නිසා නානායක්කාර වංශයේ දකුණු ඉන්දීය සම්භවයක් ඇති රජවරු තමයි සිංහල සිහසුනට පත්වුනේ.  1739 සිට උඩරට රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වනතුරු රජකම් කළේ හින්දු භක්තියන් වුණත් බුද්ධ ශාසනයේ දියුණුවට අතහිත දුන් බව සඳහන් වේ.