Molagada Raja Maha Viharaya

0
70

මහනුවර දිස්ත්‍රික්කයේ ජූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මොළගොඩ කොටමුදුන්ගල රජමහා විහාරය කටාරන් කොටන ලද පැරණි ලෙන් විහාරයකි.  අනුරාධපුර මුල් යුගයේ  අක්ෂරවලට සමටන ලිපියක කටාරමට පහලින් දක්නට ලැබේ.  කන්ද උඩරට ප්‍රදේශයේ යැයි සැලකෙන බඹරගල විහාර ලිපිය දූල්වල ලෙන් ලිපිය ද මේ අතරවේ.  විහාර භූමියේ ලක්ෂණ අනුව ආරණ්‍ය සේනාසනයක ලක්ෂණ ද මැනවින් පිළිබිඹුවේ.  ජනප්‍රවාදයන්ට අනුව මෙම විහාරය වළගම්බා රජු සමයේ තොරතුරු දැක්වෙන වකවානුව හා සම්බන්ධව රජු විසින් රජමහා විහාරයක් බවට පත් කිරීම හා සම්බන්ධ පුවතක් පවතී.

පසු කාලීනව මහනුවර යුගයේ  චිත්‍ර ශෛලයට නෑකම් කියන චිත්‍ර දක්නට ඇති බවට සාක්ෂි පවතී.  මහනුවර යුගයට අයත් හිටි පිළිමයක් ද හිදි පිළිම දෙකක් ද මේ අතර වේ.  එක් මකර තොරණයක් ශ්‍රී මහාබෝධීය නිරූපනය කර ඇති බවත් එය ඉතාම දුර්ලභ ඝනයේ මකර තොරණක් වේ.  අනක් මකර තොරණ මහනුවර යුගයේ ලක්ෂණ දැක්වේ.  විහාර මළුව හා බෝධීන් වහන්සේ ඉහලින් පිහිටා ඇති අතර බෝධීන් වහන්සේට පිටුපසින් ශෛලමය හිටිපිළිමයක් දක්නට ලැබේ.  1930 ගණන්වලට අයත් මේ පිළිමය රියන් 12 පමණවේ.  විහාර බෑවුමට සෘජුව පර්වත මුදුනේ සිළුමිණ සෑය නමින් චෛත්‍යයක් දක්නට ලැබේ.  ඉතා පැරණි පුස්කොළ පොත්වලින් ද කුමාර බණ්ඩාර දෙවියන්ට අයත් දේවාලයක් ද  අද දක්නට ලැබේ.