Naygala Raja Maha Viharaya

0
106

වීරකැටිය මහාමාර්ගයේ, වීරකැටිය පස්මං හන්දියේ සිට කිලෝමීටර දෙකක දුරින් පිහිටා ඇත.

මාගම රුහුණුපුරයේ රජකම් කළ මහානාග රජතුමාගේ කාලයේ පවතින ජනප්‍රවාදයක් ඇසුරින් මේ විහාරය ගොඩනැගුන බවට සාධක ඇත.  නයා පෙන්වූ පොකුණ නාග පොකුණ වූ බවත්, නයා නැගිගල නයිගල වූ බවත් මේ නයිගල රජමහා විහාරය හා බැඳි පැවති ජනප්‍රවාදයයි.

ඉතා අලංකාර පඩිපෙලකින් පිවිසුම් මාර්ගය නිමවී ඇති අතර, දෙමහල් විහාර මන්දිරයක් තුල බුදු මැදුර දිස්වේ.  පැරණි වැලි මළුවේ ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් එය පැරණි රජ දවසටම අයිති බව විදහා දක්වන්නකි.  විහාර භූමිය පුරාම ගල් තලාවක් පිහිටීම හා එමගින් ගල්තලාවක කණු හා පැරණි හාරණ ලද ගල්කණු සිටුවීමට අවශ්‍ය කරන වලවල්ද දක්නට ලැබේ.  මේ නිසාම ගොඩනැගිල්ලක නටඹුන් මේ යැයි අපට කියාපන්නක් වැනිය.  තැන තැන දැක්වෙන බ්‍රාහ්මීය අක්ෂරයන්ගෙන් ලියන ලද ලිපි ලාංඡන විශාල ගල් රවුමකින් දැක්වෙන කොටසින් පාත්‍රාධාතුව සුගලා දේවිය විසින් සඟවා තැබූ පුවතක් දැක්වෙතත් එහි දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කිරීමක් කරන්නට ඇති බවට සංඝරත්නයේ පිළිගැනීමයි.  විහාරය වටා පිටාව වන දුර්ලභ ඝනයේ ඖෂධ වර්ගයන් ඇති අතර, හෙළ වෙදකමට හා සර්ප විෂ වෙදකමට විශේෂත්වයක් දරයි.