Dhikiri kawa Purana Tampita Viharaya

0
114

මෙම ටැම්පිට විහාර කුඩා උස්බිමක පිහිටුවා ඇත.  එය ගල් කණු 10 ක් මත මත  ලී බාල්ක 2 බැගින් සිරස්ව හා තිරස්ව යොදා අඟල් 3 ක පමණ ලී තට්ටුවක් මත පිළිමයගෙය තනවා ඇත.  මේ වනවිට ගල්කණු සුදුපිරියම් කර ඇත.  පාදම කලුගල් හා මැටි ආධාරයෙන් සකසා ඇත.  ප්‍රතිසංස්කරණ කරවා ඇති බව පෙනේ .

පිළිමයගෙය වෙත පිවිසීම සඳහා ලී තරප්පු පෙලක් ඇත.   පුන් කලසක් අතින් ගත් දොරටුපාලකයින් දෙදෙනක් ඇත.  පසුබිම ලියවැල් මෝස්තරය රතු පසුබිම, ලා කහ පාට සහ සුදුවර්ණ උපයෝගී කර සිතුවම් කර ඇත.  පිළිමගෙයි ඇතුළත අනේපිඩු සිටුතුමා, අශෝක රජතුමා, තිස්ස කුමරු, දුටුගැමුණු රජතුමාගේ සහ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ද රූප අලංකාර ලෙස සිතුවම් කර ඇත.  පිළිමය ගෙය තුළ හිඳි පිළිමයක් පද්මාසනයෙන් වැඩසිටී.  ප්‍රදක්ෂිණා පථය ඉදිරියෙන් අඩි 5 ක් ද පිටුපස හා දෙපස අඩි 1.5 පමණවේ.  පිටුපස ජනෙල් කවුළු දෙකක් තබා ප්‍රදක්ෂිණා පථමයට අලෝකය වැටීමට සලස්වා ඇත.