Dhiyakelinavala Raja Maha Vihataya

0
73

මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රධාන නගරයේ ඔරලෝසුකණුව හන්දියෙන් වමට හැරී මල්ගම්මන මාර්ගයේ දොඩම්වල ග්‍රාමයට පැමිණ මෙම විහාරයට පැමිණිමට හැකි අතර, කිරිබත් කුඹුර හන්දියෙන් දකුණට හැරී වතුරකුඹුර දෙහිඅංග මාර්ගයේ ගමන්කර කිලෝමීටර 4 දියපලගොඩ හන්දියෙන් දොඩම්වල මාර්ගයේ දියකෙළිනාවල විහාරයට ළගාවිය හැක.

මහනුවර ගම්පොල යුගවල දක්වා පැරණි අතීතයක් මෙම විහාරයට ඇති බව දැක්වෙතත් පසු කාලිනව කිත්සිරිමෙවන් රජුදවස දියනෑමට ගිය කුමාරවරු හත්දෙනෙක් හදිසියෙන් මරු දැකීම නිසා දියකෙළානාවල වූ බවට ජනප්‍රවාදයක් ද පවතී.  කෙසේවෙතත්, කටාරම් කොටන ලද ගල්ලෙනකින් පැවති බිත්ති මගින් කුටි හතරකින් යුක්තව මෙම ලෙන් විහාරය ඉඳිකර ඇත.  මෙහි ඇති ලී කැටයම් සහිත ලීමුවා දොර උළුවහු බිතුසිතුවම් ඉතාම පැරණි ඒවා වන අතර, මහනුවර ගම්පොල යුගවලටත් එහා අතීතයක ලක්ෂණ කියාපායි.  වෙනත් විහාරයන්ගේ නැති ජලය පිටතට ගැනීම සඳහා ඇති කාණු සංකීර්ණය හා ජලය පිටතට ගැනීම සඳහා යොදා ඇති ගල්පිහිල්ල මනාව නිර්මාණය කර ඇති බවටත්, ගලේ ඇති කැපීම් ලක්ෂණවලින් මනාව දැක්වේ.  පිවිසුම් මාර්ගයේම ඇති ආවාසය ඉහල මළුවේ සටහන් කිහිපයකි.  මැටි බදාමයෙන් කරන ලද සැතපෙන බුදුපිළිමය විශාල ප්‍රමාණයේ පිළිමයක් වන අතර, බිත්තිවල බිතුසිතුවම් හා වියන් චිත්‍ර ද විහාරකුටි හතර තුල ඇති  ලෙනතුළ දක්නට ලැබේ.  කැටයම් සහිත ශිලාමය උළුවස්න ඒ අයුරින්ම දැකගත හැකි අතර ලීවලින් කළ දැවමය උළුවහුවල දක්නට ඇත්තේ දිරායන ලක්ෂණයන්ය.