Udurawana Ramaraja Viharaya

0
91

මහනුවර දිසාවේ පාතදුම්බර පල්ලේගම්පහේ කොරළයේ උඩුරාවණ මෙම විහාරය පිහිටි ඇත.  ගම්පොළ යුගයටත් ප්‍රථම විස්තරාත්මක තොරතුරු දක්නට ලැබුනත් IV බුවනෙකබාහු රජු සමයේ සිට පැහැදිලි තොරතුරු දක්නට ලැබේ.

උඩුරාවණ ගමේ මැද ප්‍රදේශයේ ඉපැරණි බත්ගෙයක තොරතුරු දැක්වේ.   එම බත්ගෙය මතට විශාල ගලක් වැටීමෙන් විනාශවූ උළු කැබලි, ගඩොල් කැබලි අතර මුද්‍රාවක් සහිත ගඩොල් දක්නට ලැබේ.  තවද කුඩා ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ලැබුන බවද පැවසේ.

මෙම විහාරය IV බුවනෙකබා රජුගේ බිසෝ කෙනෙක් විසින් සාදන ලද බවට විශ්වාසය කෙරේ.  ඇයට සෑදී ඇති රෝගයකට පිළියම් කිරීම සදහා මෙම ප්‍රදේශයේ වාසය කළබවත්,  ඔළිඳ ක්‍රීඩාවේ යෙදී සිටි බවත්, එම ශිලාමය මුතු පුවරුව සැඟවූ ස්ථානය මුතු කෙළියාම යනුවෙන් හැඳින්වූ බව ද සනාථ වේ.  උඩුරාවණ බණගේ මුදුනේ භික්ෂූන් වහන්සේලා බණ භාවනා කර අධ්‍යාත්මය වඩාගත් ස්ථානයක් බවටත් එම භික්ෂූන් වහන්සේලා හුන්නස්ගිරිය කන්ද පාමුල චන්ද්‍රමුඩි ලෙස නම් කටාරම් කෙටූ ගල්ලෙනක වාසය කළ බවත් සඳහන් වේ.  පරංගීන් විසින් විනාශ කර ඇති මෙම විහාරය විනාශ කිරීමේ දී බඹරුන් විසින් ඔවුනට බොහෝ කරදර සිදුකර ඇත.  මෙහි බෝධිය නරන් කැපූ බෝධිය වශයෙන් නම් කෙරේ.  ඉපැරණි විහාර මන්දිරයක්, බෝධියක් හා චෛත්‍ය‍යක් අද දක්නට ලැබේ.  එය සෙනරත් රජු විසින් කරවන ලද්දක් බව පුස්කොළ පොතක සටහන් වේ.