මහනුවර යුගයේ චිත‍්‍ර සහ මූර්ති කලාව

මහනුවර යුගයේ මූර්ති

මහනුවර යුගයේ මූර්ති අනුරාධපුර පොළොන්නරු යුගවලට වඩා වෙනස් ස්වරූපයකින්ද සහ ගම්පොළ යුගයට සමාන ස්වරූපයෙන්ද නිමවා ඇත. අනුරාධපුර, පොළොන්නරු යුගවල මූර්ති සඳහා භාවිතා වූ මාධ්‍යයන් මහනුවර වන විට සම්පූර්ණයෙන් වෙනස් වී ඇති අතර, මැටි, ගඩොල්, බදාම, දැව, රන්, රිදී, තඹ, පිත්තල, ඇත්දත් මෙම යුගයේ මූර්ති සඳහා බහුලව භාවිතා කර ඇත. මෙම යුගයේ මූර්ති ප‍්‍රධාන වශයෙන් දේව රූප හා බුදු පිළිම ලෙස වෙන්කර දැක්විය හැකි අතර, විශාල ප‍්‍රමාණයේ, සාමාන්‍ය ප‍්‍රමාණයේ හා ඉතා කුඩා ප‍්‍රමාණයේ බුදු පිළිම නිර්මාණය වී ඇත. එලෙසම බුදු පිළිම ඉදි, හිටි, සැතපෙන ලෙස ති‍්‍රවිධ ඉරියව්වෙන් යුතුය. අනුරාධපුර පොළොන්නරු යුගවල තිබූ බුදු පිළිමයේ ඇති ශාන්තභාවය, කරුණාව, මහේෂාක්‍ය බව වෙනුවට මහානුභාව සම්පන්නකම, බාහිර අලංකාරය විසිතුරු බවට මුල්තැන දී ඇති බව පෙනේ.

දියරැුලි ආකාරයේ චීවරය, සිරස්පත යෙදීම, ප‍්‍රභා මණ්ඩලය අශ්වලාඩමක හැඩයට නිර්මාණය කිරීම, දෙනෙත් විවෘත වීම මෙම යුගයේ බුදු පිළිමවල පොදු ලක්‍ෂණ ලෙස දැක්විය හැකිය. දැවයෙන් බුදු පිළිමය තනා මැටියෙන් හෝ බදාමයෙන් පසු නිමවීම් සිදුකිරීම මේ යුගයේ බුදු පිළිම නිර්මාණයේදී ප‍්‍රචලිත ක‍්‍රමයකි. දඹුලූ විහාරයේ බුදු පිළිම, දෙගල්දොරුව, රිදී විහාරය, කැලණිය, මුල්ගිරිගල ආදී විහාරවල ප‍්‍රතිමා මේ යුගයේ වැදගත් ප‍්‍රතිමා ලෙස දැක්විය හැකිය.

ප‍්‍රභා මණ්ඩලය අශ්වලාඩමක හැඩයට නිර්මාණය කරන ලද මුල්ගිරිගල රජමහා විහාරයේ බුද්ධ ප‍්‍රතිමාවක්

ප‍්‍රභා මණ්ඩලය අශ්වලාඩමක හැඩයට නිර්මාණය කරන ලද මුල්ගිරිගල රජමහා විහාරයේ බුද්ධ ප‍්‍රතිමාවක්

හිසට ඉහළින් මකර තොරණක් දක්වන දඹුලූ විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව

හිසට ඉහළින් මකර තොරණක් දක්වන දඹුලූ විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව

සිරස්පත යෙදීම

සිරස්පත යෙදීම

සිරස්පත යෙදීම

සිරස්පත යෙදීම

දඹුලූ විහාරයේ බුදු පිළිම

දඹුලූ විහාරයේ බුදු පිළිම

මහනුවර යුගයේ ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාවක්

මහනුවර යුගයේ ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාවක්

ඇත්දත් කැටයමින් අලංකාර වූ මහනුවර යුගයේ බුද්ධ ප‍්‍රතිමාවක්

ඇත්දත් කැටයමින් අලංකාර වූ මහනුවර යුගයේ බුද්ධ ප‍්‍රතිමාවක්

 

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව

මහනුවර යුගයේ චිත‍්‍ර කලාව, 17 වන සියවස අගභාගයේදී කන්ද උඩරට මූලික කරගෙන ඇති වූ රාජධානිය ආශි‍්‍රතව වැඩුණු අතර, 18, 19 වන සියවස් වලදී වඩාත් ප‍්‍රකටව වර්ධනය විය. පොළොන්නරු යුගයෙන් පසු චිත‍්‍ර කලාව යළි පිබිදෙන්නේ මෙම යුගයේදීය. බෞද්ධාගමික පසුබිම මෙන්ම පසුකාලීන දේව සංකල්ප, විවිධ විශ්වාසයන්, ඇදහීම්, මහායාන ආභාෂයන් මූලික කරගෙන ස්වභාවික හා මනඃකල්පිත නිර්මාණවලින් පෝෂිත වී ඇති අතර, තත්වාකාර නිරූපනයට වඩා අදහස් ප‍්‍රකාශනයට මුල් තැනක් දී ඇති බව පෙනේ.

මහනුවර චිත‍්‍රවල සුවිශේෂතා

අනුරාධපුර පොළොන්නරු යුගවල පැවති චිත‍්‍ර කලාවේ ප‍්‍රධාන මූලධර්මයන් වශයෙන් තිබූ ති‍්‍රමාණ ලක්‍ෂණ, පර්යාවලෝකනය, ක්‍ෂයවෘද්ධි ලක්‍ෂණ, චරිත ස්වභාවයන් හා ඉන්ද්‍රීය පරිමාණයන් ඉස්මතු කිරීම, රිද්මයානුකූල අංග, මිශ‍්‍ර වර්ණ භාවිතය, ප‍්‍රසන්න කාව්‍යමය ඉරියව් වෙනුවට ශෛලිගත, දෘශ්ඨිගෝචර පොදුජන ප‍්‍රසාදයට පත්වූ, චිත‍්‍රාවලි ක‍්‍රමයට සැකසුණු, බෞද්ධ කතා චිත‍්‍රයට නැගූ වෙනස්ම මුහුණුවරකින් යුත් පොදුජන චිත‍්‍ර කලාවක්, රාජ, ගිහි, පැවිදි, ප‍්‍රභූ අනුග‍්‍රහය නිසා පන්සල් ආශි‍්‍රතව වර්ධනය විය.

මෙම චිත‍්‍රවල ප‍්‍රධාන තේමාවන් වූයේ බුද්ධ චරිතය, ජාතක කතා, ඓතිහාසික බෞද්ධ සිදුවීම්, දේව රූප හා විවිධ මෝස්තරයන්ය. ස්වාභාවික ලෝකයේ පවතින වස්තූන් වලට නව අරුතක් දෙමින් නිර්මාණාත්මකව නිරූඩ හැඩ හඳුන්වා දීමට ශිල්පියා සමත් වී ඇත. පරිසරයේ පවතින නෙළුම් මල, වැටකේ මල, සපුමල, අන්නාසි වැනි මල්වල මූලික අන්තර්ගතයට හානි නොවන ලෙස නව නිර්මාණයක් බිහිකිරීමටද ශිල්පියා ගත් උත්සාහය ඉතා විශිෂ්ඨය.

මහනුවර යුගයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ, පාරම්පරික ශිල්ප කලාවක් වන අතර, ඔවුන් ශිල්පාචාරීන් ලෙස හඳුන්වයි. ළමා කාලයේදීම ශිල්පියෙකු, ආචාරියෙකු යටතේ අධ්‍යාපනය ලැබීම ඇරඹීම පසුකාලින ශිල්පියෙකු වීමට අනිවාර්යෙන් කල යුතු කි‍්‍රයාවලියකි. ගුරුවරයා තම ගෝලයා හට සුභ නැකතින් අතපුවරු තැබීමෙන් ඔහුගේ මූලික අභ්‍යාසය ලබාදෙයි.

චිත‍්‍ර ඇදීමට අත හුරු කරවන ලද්දේ වැලි අතුරා සැකසූ වැලි පුවරුවක් මතය. එසේ නැතිනම් ගඩොල් කුඩු හා තෙල් මිශ‍්‍රකර සාදාගන්නා ”වඩි” නම් විශේෂ තලපයක් යොදාගන්නා යටිපෝරුවක් මතය.

එම හැඩය නිදහසේ මතකයෙන් ඇද ඊට ලියපත නම් හැඩය ආදේශ කර අවසානයේ රිද්මික රේඛාවෙන් පෝෂිත තිරිගිතලය නම් හැඩය සාර්ථකව ඇදීමෙන් ශිල්පියෙකු ලෙස ප‍්‍රවීනත්වය ලබාගනී. රේඛාවේ අපූරු රිද්මයක් තුළින් නිර්මාණය වූ මනඃකල්පිත නිර්මාණයක් ලෙස මෙම තිරිගිතලය හැඳින්විය හැකිය. මීට අමතරව ගෝලයා විවිධ ග‍්‍රන්ථද පරිශීලනය කල යුතු අතර, රූපාවලිය, සාරිපුත්තය, වෛජයන්තිය වැනි පොත් භාවිතා කරයි. සාරිපුත්තයෙන් බුද්ධ රූප ඇදීමට අවශ්‍ය උපදෙස් ලබා දීමත්, රූපාවලියෙන් දේව රූප නිර්මාණයත්, වෛජයන්තියෙන් විවිධ වර්ගයේ ආභරණ නිර්මාණයටත් අවශ්‍ය වන උපදෙස් ලබා දේ. මේ නිසා සාම්ප‍්‍රදායික චිත‍්‍ර කලාවේ සම්මත මිමි, පරිමාණ, හැඩ වලට පොදු වූ කලාකෘති නිර්මාණය වීම සිදුවේ.

එසේම කොට්ටල් බද්ද, පට්ටල් සතර නැමැති සංවිධානාත්මක ඒකකද චිත‍්‍ර කලා ශිල්පීන්ට උපදෙස් ලබාදුන් අතර, ඒවා චිත‍්‍ර කලාවේ පෝෂණය උදෙසා රාජ අනුග‍්‍රහය සහිතව කි‍්‍රයාත්මක විය. ආභරණ, ඔටුනු, කඩු, සිංහාසන යන අංශ හතර කි‍්‍රයාත්මක වන්නේ පට්ටල් සතර නම් සංවිධානය යටතේය.

මහනුවර යුගයේදී සිංහල සැරසිලි මෝස්තර බොහෝ ප‍්‍රමාණයන් බොහෝ ප‍්‍රමාණයක් පැවති අතර, දිව්‍ය, සත්ව, උද්හිද, නිරූඩ ලෙස ඒවා වර්ග කල හැකිය.

මහනුවර යුගයේ පන්සල් චිත‍්‍ර කලාවේදී විහාර වර්ග තුනක් ආශි‍්‍රතවට චිත‍්‍ර ඇඳ ඇති බව පෙනේ. එනම් ස්වාභාවික ලෙන්, ටැම්පිට විහාර හා ගොඩනැගූ විහාරයි.

උදාහරණ ලෙස:

ස්වාභාවික ලෙන් – දඹුල්ල, දෙගල්දොරුව, දනගිරිගල, රිදී විහාරය ටැම්පිට විහාර     – දැඹව, මැදවල, සූරියගොඩ ගොඩනැගූ විහාර – දළදා මාලිගය, නාග විහාරය

චිත‍්‍ර ශෛලීය චිත‍්‍ර ඇඳීම සඳහා භාවිතා කල, හුණු බදාම හා සකස් කල බිත්තිය අවම අඩි 1 සිට උපරිමය අඩි 3 දක්වා පමණ තිරස් තීරුවලට බෙදා, කථාව ආරම්භයේ සිට අවසානය දක්වා චිත‍්‍රාවලි හෙවත් අඛණ්ඩ කථනයක් ලෙස රේඛාවෙන් චිත‍්‍ර ඇඳ තිබේ. බුදුරුව බොහෝවිට සෘජ හෝ දර්ශී ලෙස ඇන්දත් සෙසු මානව, රහත්, රූප පාර්ශවදර්ශී හා අර්ධ පාර්ශවදර්ශීව ලෙස දක්වා තිබේ. හැම රුවකම පාද ඇත්තේ පැත්තටයි. මේ නිසාම මානව රුවක නිවැරදි පිහිටීම බැහැර වී ඇකි බවක් හැඟී යයි. පසුපසට හැරුණු රූප නැති තරම්ය. ස්තී‍්‍ර රූප, පුරුෂ රූපවලින් වෙනස් වන්නේ ඇඳුම් හා ආභරණ නිසාවෙනි.

චිත‍්‍රයක කතාමාලාවේ සිදුවීම් වෙන් කිරීම සඳහා මෙන්ම අලංකාරයටද හැඩතල අතරට පසුබිමේ නෙළුම්, වැටකේ, සපු සහ විවිධ ගස් වර්ග වැනි උද්හිද හැඩ යොදාගෙන ඇත. චිත‍්‍රවල ගස් ඇද ඇත්තේ අමුතුම ශෛලයකට. ගසේ පත‍්‍ර නැටි මෝස්තරාකාරව පැහැදිලි කළු රේඛාවෙන් ඇඳ ඇති අතර, පංච මහා ශාඛාව බහුලව යොදාගෙන තිබේ. චිත‍්‍රයට අදාළ තීරුවේ චිත‍්‍රයේ මාතෘකාව සටහන් කර ඇති අතර, උදාහරණ ලෙස දෙගල්දොරුව විහාරයේ වෙස්සන්තර ජාතකයේ අලි ඇතුන් දන් දෙන අවස්ථාව දක්වන චිත‍්‍රයේ ”අලි ඇතුන් දන්දුන් වගයි” යනුවෙන් සටහන් කර ඇති අතර, සමහර තැනක චිත‍්‍රය තුලම එය සටහන් කර තිබේ.

වර්ණ භාවිතය දේශීය අමුද්‍රව්‍යයන් වන ශාක කිරි, කහට, පස්, ලවන, තෙල් වර්ග වැනි ස්වාභාවික ද්‍රව්‍ය මිශ‍්‍ර කර වර්ණ සාදාගෙන ඇත. ඇතැම් වර්ණවලට අදාළ ද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වාගෙන ඇති අතර, සාදිලිංගම් ඛණිජය ඊට උදාහරණයකි. වර්ණ දීප්තිමත් වීමටත් ආරක්‍ෂා වීමටත් දොරණ තෙල්, බිත්තර සුදුමද, දිවුල් ලාටු මිශ‍්‍රකර ඇත. වර්ණ තාක්‍ෂණය පිළිබඳ උසස් දැනුමක්, පාරම්පරික ඥනයක් මහනුවර යුගයේ ශිල්පීන්ට තිබූ බව, අවුරුදු සිය ගණනක් ගතවීත් මේවන විටත් පවතින චිත‍්‍ර නිරීක්‍ෂණයේදී හැඟී යයි.

වර්ණ සෑදීමට භාවිතා කල සමහර ද්‍රව්‍යයන්, සුදු – මකුළු මැටි කහ – ගොකටු කිරි නිල් – නිල් අවරිය යුෂ රතු – සාදිලිංගම් කොළ – රණවරා කොළ යුෂ, කැහිපිත්තන් කොල යුෂ කළු – පහන් දැලි

චිත‍්‍රවල පැතලි හෙවත් ද්විමාන ලෙස වර්ණ ආලේප කර තිබේ. මානව රූප කහපාටින් ඇඳ තිබෙන නිසා පසුබිමට යොදන රතු වර්ණයත් සමඟ රූප මනාව මතුවී පෙනේ. රතු, කහ, සුදු, දුඹුරු, කොළ වර්ණ බහුලව යෙදේ. වර්ණ මගින් චරිතය කියා පෑමට උත්සාහ කර තිබෙන බව දුදනන්ගේ රූපවලට (දේවදත්ත, පූජක* වැනි අඳුරු කොළ පාටට හුරු අළුපාට යෙදීමෙන් සිතිය හැකිය. ඇඳුම්, ආභරණ, නිවාස සැරසිලිවලට බහුලව විවිධ වර්ණ රේඛා යොදාගෙන ඇති අතර, ඇඳුම් මල් මෝස්තර, ජ්‍යාමිතික හැඩතල වලින් සරසයි. හැම හැඩතලයක් වටාම කළු හෝ රතු රේඛාව යොදා අවසන් නිමාව දැක්වීම විශේෂය.

බුදුපිළිම, දේව රූප, රජ රූප වැනි මූර්තිද වර්ණ ගන්වා තිබේ. බුදු රූපය කහ පාට වන අතර, රැුස් වළල්ල අලංකාර ගිණි දැල් රටාවෙන් සරසයි. උදා : දඹුල්ලේ බුදුපිළිම වටා අලංකාර රැුස්වලලූ හිසේ සිරස්පතද වර්ණ ගන්වා තිබේ. මකර තොරණ කැටයමක් වුවත් එහි රූපද වර්ණ ගන්වා තිබේ. මූර්ති හා කැටයම් වලටත් වර්ණ භාවිතා කර තිබේ.

චිත‍්‍ර ඇදීමට මාධ්‍යය සකස් කර ගැනීම

හුබස් මැටි, දිවුල් ලාටු, කොහු කෙඳි, පුළුන් වැනි ස්වාභාවික පරිසරයේ හමුවූ අමුද්‍රව්‍ය එකතුවෙන් සෑ¥ බදාමයක් පළමුව බිත්තියේ ආලේප කර සමතලා කළ පසු එම බදාමය මත සිල්ලූවෙන් (හක්ගෙඩිය* මැදීමක් සිදුකර මකුළු මැටි ආලේප කර චිත‍්‍ර ඇදීමට සුදුසු ලෙස සකස් කර ගනී. මතුපිට ස්වභාවය අනුව බදාම ඝනකම අඩුවැඩි වේ. බදාම වියලූණු පසු චිත‍්‍ර ඇඳීම සිදුකරයි.

පින්සල් සත්ව ලෝම, තෘණ වර්ග, වැටකෙයා මුල් පින්සල් සැකසීම සඳහා යොදාගෙන ඇත. තෙලි තණ නම් තණ කොළ කෙදි වලින් සෑ¥ පින්සල තෙලිකූර ලෙස නම් කරයි. සත්ව ලෝම පින්සල් හීන් ඉරි ඇදීමටත්, වැටකේ මුල් පින්සල් ලොකු පදාස ආලේප කිරීමටත් ගෙන ඇත. සිතුවම් අතර ඇති සිහින් රිද්මික රේඛා දෙස බලන විට ශිල්පීන්ගේ පින්සල් ඉතා දියුණු මට්ටමක තිබූ බව සිතිය හැකි අතර, එම රේඛාවල හා මෝස්තරවල මනා නිමාව, පිළිවෙල හා ගැලපීම, එම ශිල්පීන්ගේ අනගි හැකියාවකි.

මහනුවර යුගයේ ශිල්පීන් මෙම යුගයේ ප‍්‍රසිද්ධ ශිල්පීන්ගේ තිදෙනෙකු ලෙස හිමප්පු සිත්තර, දෙවරගම්පල සිල්වත් තැන, හිරියාලේ නයිදේ, නිලගම පටබැන්දා, කටුවන හිමි, දෙවුන්දර සිත්තරා, පොඞ්ඬේ සිත්තරා දැක්විය හැකිය.

මාතෘකා වෙස්සන්තර ජාතකය, මහාසීලව ජාතකය, සුතසෝම, සස, විදුර වැනි ජාතක කතාද සුවිසි විවරණය, සත්සතිය, මාර පරාජය, බුදුවීම වැනි බුද්ධ චරිතයේ සිදුවීම්ද, රහත් වහන්සේලාද, සතරවරම්, ශක‍්‍ර, සමන්, නාථ වැනි දේව රූපද, කීර්ති ශී‍්‍ර රාජසිංහ, නිශ්ශංකමල්ල වැනි රජ රූප, ග‍්‍රහ බලි යක්ෂ රූප, උද්හිද මෝස්තර, නෙළුම්, වැටකේ, සපු, සීන, කඩුපුල් වැනි මල් ස්වාභාවික හා නිරූඩ සත්ව මෝස්තර, මකරා, භේරුන්ඩ, ගජසිංහ සරපෙත්දා, නාරිලතා වැනි මෝස්තරද මහනුවර යුගයේ චිත‍්‍ර අතර බහුල වශයෙන් දැකිය හැකිය.

චිත‍්‍ර දැකිය හැකි සුවිශේෂී ද්‍රව්‍ය ආභරණ පෙට්ටි පුස්කොළ පොත් කම්භ, සන්නස් චිත‍්‍ර, සේසත්, පාරිභෝගික භාණ්ඩ, මැටි භාජන, දොරවල්, උළුවහු හා වඩිම්බු ආදියෙහි මෙම යුගයේ චිත‍්‍ර දැකිය හැකිය.

පෙතිකඩ චිත‍්‍ර, නමින් හඳුන්වන රෙදිවල චිත‍්‍ර ඇදීමද මහනුවර යුගයේදී දැකිය හැකිය. බණ දේශනාවකදී නිදර්ශන චිත‍්‍ර ලෙස මේවා භාවිතා කර ඇති අතර, ඇතැම් විට රෙද්දක ඇද බිත්තියේ අලවා ඇත. (උදා :- දෙගල්දොරුවේ මාර පරාජය* අවශ්‍ය විටකදී හකුලා තබාගත හැකි නිසා ධර්ම ප‍්‍රචාරයේදී වඩා පහසුවන්නට ඇත. මෙලෙසම රෙදිවල ඇඳි විවිධ කොඩි වර්ගද දැකිය හැකිය. පෙතිකඩ චිත‍්‍රවල බොහෝවිට ඇත්තේ බෞද්ධ සිදුවීම් වුවද, ඒ හැර දේව, ග‍්‍රහ, බලි රූපද ඇඳ තිබේ. පෙතිකඩ චිත‍්‍ර නිර්මාණයේ ප‍්‍රධාන පියවර හතරක් වන අතර, රෙදි සේදීම, කැඳ ආලේප කිරීම, රූප ඇදීම සහ රූප පාට කිරීම පිළිවෙලින් කරගනී.

චිත‍්‍ර දක්නට ලැබෙන ස්ථාන උඩරට දළදා මැදුර, දඹුල්ල, ගංඟාරාමය, මැදවල, දෙගල්දොරුව, රිදී විහාරය, පහතරට-මුල්කිරිගල, කතලූව, තෙල්වත්ත, කැළණිය ආදී ස්ථාන වඩා විශේෂ වේ.

ටැම්පිට පිළිමගේ (ටැම්පිට විහාරගේ) ටැම්පිට විහාරගේ යනුවෙන් හැඳින්වෙන්නේ ගල්කණු පිට දැව පාදමක් තබා ඒ මත ලෑලි අතුරුවා ඒ උඩ බිත්ති බැඳ සාදන පිළිම ගෙයකි.

මැදවල ටැම්පිට පිළිමගේ මහනුවර දිස්ති‍්‍රක්කයේ, හාරිස්පත්තුව මැදවල ගමේ පිහිටි මැදවල රජමහා විහාරයට අයත් මුලදී දෙමහල්ව තිබූ ටැම්පිට පිළිමෙගෙයකි. මෙම දෙමහල්පාය පසුව ජරාවට පත් වූ අතර මහනුවර රජකල කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු විසින් සත්රියන් ටැම්පිට පිළිමගෙයක් කරවූ බව කියවේ. මෙම පිළිම ගෙයට අයත් ගලින් කළ ගජසිංහ සහ කිබිසි ලියවැල සහිත ගල් පඩිද මේ වන විට විහාර භූමියේ ඇත.

ටැම්පිටගේ ගරාදිවැටේ විනාශ වී තිබූ අඩුතැන්වලට පැරණි වැඩ අනුව, ලී අලූතින් යොදා සාදා ඇත. වහලය සම්පූර්ණයෙන්ම පාහේ පුරාණ පෙති උළු සැලැස්මට, ඒ ආකාරයෙන් සැකසූ අළුත් පෙති උළු වලින් සෙවිලි කර තිබේ. පැරණි දිරාපත් වූ කොටස්වලට ඒ ආකාරයේ හැඩවලට අලූතින් දැව එක්කර සකසා තිබේ.

මැදවල ටැම්පිට පිළිමගෙයි සිතුවම් මෙහි යම් පමණකට වියැකී ගියත්, මහනුවර යුගයට අයත් වටිනා සම්ප‍්‍රදායික චිත‍්‍ර එකතුවක් ශේෂව පවතී. (උරග ජාතකය , බුදුන් බෝමැඩ බුදු බවට පත්ව වැඩහිඳින බුදුන්වහන්සේ, වෙස්සන්තර ජාතකය, බෝමැඩ මුචලින්ද නාගදරණයේ වැඩහිඳින බුදුන්වහන්සේ, දානය ගෙන යෑම, කරඬුව වැඩමවීම)

 

 උරග ජාතකය

image016 image017 image019

 

 වෙස්සන්තර ජාතකයimage021

මැදවල ටැම්පිට පිළිමගෙයි සැතපෙන බුද්ධ රූපයෙ සැතපෙන බුදුන් වැඩ හිඳින ඇඳ පහතරට ලන්දේසි ආභාෂය ලැබූ නිර්මාණයකි. ඇඳෙහි මදුරු දැලක්ද නගා තිබේ. මෙය 18 වන ශතවර්ෂයේ ප‍්‍රභූ හෝ රාජකීයන්ගේ පරිභෝජනයට නිර්මාණය කරන ලද සයනයක් ඇසුරින් සිතුවම් කර ඇතැයි සිතිය හැකිය.

අම්බුලූගල ටැම්පිට විහාරගේ අම්බුලූගල ටැම්පිට විහාරගේ ගල්බොඩ කෝරළේ, එගොඩපොත පත්තුවේ, අම්බුලූගල ගමෙහි පිහිටා ඇති අතර, මෙම විහාරයේ මහනුවර යුගයට අයත් චිත‍්‍ර දැකිය හැකිය

 

සූරියගොඩ ටැම්පිට විහාරගේ සූරියගොඩ ටැම්පිට විහාරයද මහනුවර යුගයට අයත් බිතුසිතුවම් දැකිය හැකි තවත් ස්ථානයකි.

 

දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර කුණ්ඩසාලේ අමුණුගම ගමේ පිහිටා ඇති මෙම විහාරය විශිෂ්ඨතම උඩරට සම්ප‍්‍රදායික බිතුසිතුවම් දැකිය හැකි ස්ථානයක් ලෙස සැලකේ.

මෙම විහාරය කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු සහ ඔහුගේ ඇවෑමෙන් රජවූ ඔහුගේ සොහොයුරු රාජාධිරාජසිංහ රජවරුන්ගේ නියමයෙන් ගොඩනගන ලද්දක් ලෙස පැවසෙන අතර, මේ විහාරයේ බිතුසිතුවම් ඇඳ තිබෙන්නේ මහනුවර යුගයේ සිටි ප‍්‍රකට චිත‍්‍ර ශිල්පීන් වන, දේවේන්ද්‍ර මූලාචාරි, දෙවරගම්පළ සිල්වත් තැන, හිරියාල නයිදේ, නිලගම පටබැඳි හිත්තර නයිදේ විසිනි.

දෙගල්දොරුව විහාරයේ සිතුවම් අතර, මහා සීලව ජාතකය, මහී කාන්තාවගේ බිතුසිතුවම, මාර යුද්ධය, වෙස්සන්තර ජාතකය, ඇලි ඇතුන් දන්දීම, සුතසෝම ජාතකය, සත්තු භත්ත ජාතකය, ශී‍්‍ර මහා බෝධිය, සැරියුත් මුගලන් රහත් දෙනම, ආදී සිතුවම් දැකිය හැකි අතර, මහනුවර යුගයට අයත් මනහර කැටයමින් යුතු සඳකඩ පහණක්ද දෙගල්දොරුව විහාරයෙන් හමුවේ.

රිදී විහාරය කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ, රිදිගම ගමේ පිහිටි මෙම විහාර භූමිය ආශි‍්‍රතව ඈත අතීතයේ පටන්ම භික්‍ෂූන් වහන්සේලා වැඩවාසය කල බවට වන සාධක මෙහි පිහිටි ගල්ලෙන්වල කොටා ඇති බ‍්‍රාහ්මි ලිපි වලින් හමුවේ.

මෙම බ‍්‍රාහ්මීය ලිපි කි‍්‍ර.පූ. දෙවන සියවසට අයත් යැයි සැලකෙන අතර, රිදී විහාරයේ චිත‍්‍ර පොදුවේ මහනුවර යුගයට අයත් සම්ප‍්‍රදායන්ට අනුගත ලෙස නිමවා ඇති අතර, මෙහි චිත‍්‍ර ශිල්පියා දෙවරගම්පළ සිල්වත් තැනය.

රිදී විහාරයේ (පාත විහාරයේ) ප‍්‍රධාන දොරටුවට ඉහළින් තිබෙන ගලේ යටි පැත්තේ පැරණි බුද්ධ රූපයක් සිතුවමක් හමුවේ. අව්, වැසි වලට නිරාවරණය වීම නිසා වර්ණ වියැකී ගියත් බුද්ධ රූපය ඇඳීමට පාදක කරගත් ඉරි, කොටු තවමත් පැහැදිලිව දැකිය හැකිය.

රිදී විහාරයේ ගලේ යටි පැත්තේ බිතුසිතුවම

රිදී විහාරයේ දක්නට ලැබෙන දැවින් නිමකර ඇති ඇත්දත්, කැටයම් එබ්බවූ උළුවස්ස විශිෂ්ඨ ගණයේ කැටයමින් යුතු ඉතා අලංකාර නිර්මාණයකි. මෙහි කැටයම් අතර පංචනාරි ඝටය සහ එහි දෙපස ඉදිරියට පනින්ට මෙන් නැගී සිටින සිංහ රූ දෙකක්ද, උළුවස්ස වටේටම ලියවැල් කැටයම් ද දැකිය හැකිය. මේ උළුවස්ස මුලදී සම්පූර්ණයෙන්ම පාහේ ඇත්දත් කැටයමින් වැසි තිබුණත්, අද වන විට දක්නට ලැබෙන්නේ කැටයම් කිහිපයකි. ඇත්දත් උළුවස්සේ ඉහළ කොටස

රිදී විහාරයේ උඩ විහාරේ හිදි, බුද්ධ ප‍්‍රතිමාව පිටිපස මකර තොරණ වෙනස්ම ස්වරූපයක් දරණ අතර, මකර මූහුණු දෙක දෙපැත්තට යොමු කර ඇති අතර, ඊට උඩින් දෙවිවරු විශාල ප‍්‍රමාණයකගේ මූර්ති නිමවා තිබේ. දේවරූප සහිත මකර තොරණ

මීට අමතරව විහාරයේ සෑම බිත්තියකම පාහේ සිතුවම් දැකිය හැකි අතර, අමුතු ලක්‍ෂණයක් ලෙස එකදු ජාතක කතාවක් ඇඳ නැති වීම සිතිය හැකිය. සුවිසි විවරණය, සොලොස්මස්ථාන, සත්සතිය, අනිමිසලෝචනය, ති‍්‍රසිංහ රූපය, වෘෂභ කුංජරය, රාවණා යුද්ධය වැනි චිත‍්‍ර රිදී විහාරයේ සිතුවම් අතර පවතී.

රිදී විහාර භූමිය තුළ පිහිටා තිබෙන වරකා වැළª විහාරය නමින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල විහාරයකට වඩා හින්දු දේවාලයක ස්වරූපයක් දරණ අතර, මෙහි ගල් කුළුණු, මනහර නාටිකාංගනාවන්ගේ කැටයම් වලින් සහ තවත් කැටයම්වලින් අලංකාර කර තිබේ.

මුල්ගිරිගල රජමහා විහාරය දකුණු පළාතේ, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පිහිටා ඇති මෙම විහාරයේ, මහනුවර යුගයට අයත් පහතරට චිත‍්‍ර දක්නට ලැබෙන අතරම මහායාන සහ හින්දු සංකල්පයන්හි ආභාෂය මත විහාරගෙයි ඇතුළත බුදු පිළිම සමඟම දේව ප‍්‍රතිමාව නිමවා ඇති බවට වන හොද උදාහරණයක් ලෙස මෙම ප‍්‍රතිමා ගෘහය දැක්විය හැකිය.

මෙහි චිත‍්‍ර අතර, තේලපත්ත ජාතකය දැක්වෙන සිතුවමක්, වෙස්සන්තර ජාතකය, ශිවි ජාතකය සහ විෂ්ණු කතරගම, සමන් විභීෂණ දෙවිවරුන්ගේ බිතු සිතුවම්, නාග විහාරය, අලූත් විහාරගේ පිළිම වහන්සේලා, සතරවරම් දෙවිවරුන්ගේ දේව ප‍්‍රතිමා දැකිය හැකිය.

තවද, මුල්ගිරිගල නාග විහාරය ඉදිරිපිට පොකුණ අසල ගලේ කොටා ඇති සෙල්ලිපියකි.

කැළණි රජමහා විහාරය කොළඹ නගරය නුදුරින්ම කැළණියේ පිහිටි මෙම පුරාණ රජමහා විහාරයේ මහනුවර සම්ප‍්‍රදායික චිත‍්‍ර සහ සෝලියස් මෙන්ඩිස්ගේ නූතන චිත‍්‍රද දැකිය හැකිය.

මෙහි මුල්කාලීන මහනුවර යුගයේ චිත‍්‍ර හමුවන්නේ ඔත් පිළිමගේ සහ රජ පිළිමගේ යන කුටි දෙකෙහිය. එම පිළිම ගෙවල්හි බිත්තිවලත්, වහලේ ලී වියනෙහිත් සිතුවම් ඇද තිබේ. එම සිතුවම් අතර මාර යුද්ධය, සත් සතිය, සාම ජාතකය, ධර්මපාල ජාතකය, වෙස්සන්තර ජාතකය ආදියද, ඔත් පිළිම ගෙයෙහි විභීෂණ දෙවියෝ, හනුමන් වානරයා, සුමන දෙවියෝ, ඊශ්වර දෙවියෝ, ගණ දෙවියෝ, සතරවරම් දෙවිවරුන්ගේ චිත‍්‍රද,

රජ පිළිමගෙයි, සිවිලිමෙහි අෂ්ට දිශාධිපති මණ්ඩලය, රාශි චක‍්‍රය විවිධ මල් රටා, ප‍්‍රභූවරයෙක්ගේ සිතුවමක්, බර උසුලන්නී නම් සිතුවමක්ද දැකිය හැකිය.

මීට අමතරව ඉතා අලංකාර සදකඩ පහණ්, කොරවක් ගල්, බිත්තිපාදම් සැරසිලි, දොර උළුවහු, මකර තොරණ, විවිධ මූර්ති හා කැටයම් බොහෝ ප‍්‍රමාණයක් කැළණි විහාරය නැරඹීමේදී ඔබට හමුවේ.

දඩගමුව රජමහා විහාරය ගම්පහ දිස්ති‍්‍රක්කයේ, වේයන්ගොඩ, දඩගමුව ගමේ පිහිටා ඇති මෙම විහාරයේ ඓතිහාසික පසුබිම පිළිබඳ පවතින ජනප‍්‍රවාද අනුව මෙය දෙවන පෑතිස් රජුගේ අමාත්‍ය වූ සුමිත්ත විසින් කරන ලදැයි කියවේ.

මෙහි වටදාගෙය දැනට ලංකාවේ හමුවී ඇති එකම සමචතුරස‍්‍රාකාර වටදාගෙය ලෙස සැලකේ. සුවිසි විවරණය සහ තවත් බිතුසිතුවම් සහිත නව විහාර මන්දිරය මහනුවර යුගයේ අගභාගයේ නිර්මාණය වූවක් ලෙස සැලකේ.

අත්තනගල්ල රජමහා විහාරය ගම්පහ දිස්ති‍්‍රක්කයේ, නිට්ටඹුව නගරය ආශි‍්‍රතව පිහිටා ඇති මෙම විහාරය, බෝසත් සිරිසඟබෝ රජුගේ දානපාරමිතාව සම්පූර්ණ වීමට හිස ගලවා දන්දුන් ස්ථානය බවට ජනප‍්‍රවාද පවතී.

මෙහි චිත‍්‍ර අතර සිරිසඟබෝ රජුගේ හිස දන්දීමේ සිතුවම සහ තවත් බෞද්ධ සිදුවීම් පිළිබිඹු වන චිත‍්‍ර පවතී.

තවද, අලංකාර නෙළුම් මල් මෝස්තර සහිත සිලිමක්ද, විහාර භූමියෙහි සිරිසඟබෝ රජු හිස දන්දුන් ආකාරය පිළිබිඹු කරන මූර්තියක්ද අඹා තිබේ.

වාරණ රජමහා විහාරය ගම්පහ දිස්ති‍්‍රක්කයේ, නිට්ටඹුව නගරයට ආසන්නව මෙම විහාරය පිහිටා ඇත. මෙය ඉතා ඈත අතීතයකට උරුමකම් කියන මෙම ලෙන් විහාරයේ ඇති සෙල්ලිපිය කි‍්‍ර.පූ. 03 වන සියවසේ අග භාගයට අයත් වූවක් ලෙස පුරාවිiා දෙපාර්තමේන්තුව විසින් නිගමනය කර ඇත. පසුකාලීනව වලගම්බා රජු විහාරයක් කරවා ලෙන්වල කටාරම් කෙටවූ බවත් සඳහන් වේ. මෙහි මහනුවර යුගයට හා මෑත යුගයට අයත් චිත‍්‍ර ඇති අතර, වෙස්සන්තර ජාතකය හා සිවිලිම් කොටස් මහනුවර ශෛලියට අනුව ඇද ඇත.

පිළිකුත්තුව රජමහා විහාරය ගම්පහ දිස්ති‍්‍රක්කයේ, ඌරුවල් පෝරුවේ පිහිටා ඇති මෙම ලෙන් විහාරය ආශි‍්‍රතව ඉතා රමණීය පරිසරයක් පවතී. මෙහි පිහිටා ඇති ලෙන් සංකීර්ණය ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට නිගමනය කර තිබේ. මෙහි ඇති පැරණි විහාරගෙයි මහනුවර යුගයට අයත් සිතුවම් දැකිය හැකිය. ඒ අතර වෙස්සන්තර ජාතකය, මහාකප්ප ජාතකය, ධර්මපාල ජාතකය දැක්වෙන සිතුවම්, අපායේ විස්තර, ඉරහඳ, පෘතුගී‍්‍රසි යුධ ඇඳුම් ඇදගත් දොරටුපාල රුවක්, ප‍්‍රතිම් ගෘහයේ වියනේ නෙළුම් මල් මෝස්තර රටා හමුවේ. (දැවමය ධර්ම මණ්ඩපය*

පිලිකුත්තුවේ පිහිටි එක් ලෙනක බ‍්‍රාහ්මීය අක්‍ෂර සහිත සෙල් ලිපියක් කොටා ඇති අතර, එය 3 වන සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරේ.