Panavitiya Ambalama

18 වන සියවසට අයත් පනාවිටිය අම්බල අඩි 1 පමණ උස් කලුගල් කණු 4 ක් මත අඩියක් පමණ වන දිග පළල ලීබාල්ක වටේටා දමා මැද හිස්ව තබා සාදා ඇත.  අඩි 6 ක් පමණ උස් ලී කණු 26 ක් පමණ භාවිතා කර ඒ මත ලී බාල්ක හරහට ඉතාමත් අලංකාර හතරැස් වහලක් තනවා පෙති උළු සෙවිලි කර ඇත.   ලී කණු හා බාල්ක මත අලංකාර ලී කැටයම් කණුව පුරා දිවෙන අයුරින් නෙලා  ඇත.   නලා පිඹින්නන්, නැටුම් ශිල්පීන්, කවටාපෙනුමක් ඇති මිනිසෙකු, ඇතුන්, පලාපෙති, ලියවැල් මෝස්තර, අන්නාසි මල, කුන්දිරක්කන් මල්  ඇතුලු අපූරු කැටයම් කොටා ඇත.  පරාල පවා අලංකාරව නිර්මාණය කර ඇත.  දඹදෙණියේ සිට කුරුණැගල, යාපහුව දක්වා ගමන්ගන්නා මගීන් මෙහි ගිමන්හරින්නට භාවිතා කර ඇති බවත් සඳහන් වේ.  පසුකාලීනව ප්‍රතිසංස්කරණ කර ඇත.