Mimana Galkandha Viharaya

0
36

මාතර දෙයියන්දර මාර්ගයේ නෙරලම්පිටිය හන්දියේ සිට කැටපලකන්ද පසුකර කිලෝමීටර  06 ක් ගිය පසු ගල්පර්වත තුනක් හමුවේ.  මෙහි ඇති මැද පර්වතයේ කටාරම් කෙටූ ලෙනක මෙම විහාරය පිහිටා ඇත.  සැරියුත් මුගලන් මහරතුන් වහන්සේලා දෙනමගේ පිළිම දෙකක් හා සැතපෙන පිළිමයක් දක්නට ලැබේ.  විහාරය ඉදිරිපස ගල්තලාවේ නෙලන ලද නෙළුම්මලක හා සක් ගෙඩියක ලක්ෂණ දක්නට ඇති අතර, ඒ නිසා කිහිපවරක් නිදන් හොරුන් විසින් අලාභහානි කර ඇති බවට මතයක් පවතී.  ලෙන් විහාරයේ බිත්ති හා වියන නෙළුම්වල්වලින් සිතුවම් කරන ඇති වළගම්බා රජුගේ කාලයට අයත්යැයි සැලකෙන මෙම ලෙන් විහාරයට අමතරව ඉදිරිපස රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් දේවාලය මහත් භක්තිමත්ව ඇඳහිම් කිරීමට ප්‍රදේශවාසීන් පුරුදුව සිටින අතර මහත් අනුහස් ඇති බවට ද විශ්වාස කරයි.

පසුකාලීනව කැටගොඩ රතනජෝති හිමියන් හා ආචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ උපදේශකත්වයෙන් වල්බිහිවී තිබූ මෙම විහාරය නැවත පණලැබීය.  විහාරයේ චිත්‍ර නැවත වර්ණ ගන්වා අලංකාර කර තිබූ අතර, දහම් සොඪ ජාතිකය හා කඩුවක් අතින් ගත් සිංහරුවක් ද වියනේ රක්තවර්ණ පද්ම හා ලියවැල් තිබූ බව සඳහන් වේ.  රජ්ජුරුබණ්ඩාර දෙවියන් උදෙසා අලංකාර පෙරහැරක් පැවැත්වීම වාර්ෂිකව සිදුකර ඇත.