Midum Lan Raja Maha Viharaya

කිනිගොඩ කෝරළයේ, වල්ගම්පත්තල ප්‍රදේශයේ මෙම විහාරය පිහිටා ඇත.  රඹුක්කන සිට වල්ගම දක්වා කිලෝමීටර් 4 පමණ ගියවිට දකුණුපස කුඩා කදු ගැටයක් මත මේ විහාරය පිහිටා ඇත. දැලිවෙල කොටවෙහෙර ද මේ ආසන්නයේ පිහිටා ඇති අතර, ඉඳිකිරීමේ මීදුමලෙන් හා එකම වකවානුවක් තුළ සිදුවී ඇති බවට විශ්වාස කෙරේ.

මීදුම ලෙන් විහාරය තුළ මිහිඳු මාහිමියන් විවේක සුවයෙන් වාසය කර ඇත්තේ කොටගල වෙහෙරේ ධාතු නිදන් උත්සවයකට පැමිණි අවස්ථාවේ බව ජනප්‍රවාදවල සඳහන් වේ.  පසුව මෙම විහාරය මිහිදුම ලෙස නමින් නම්වු බවට විශ්වාස කෙරේ.

පුරාවිද්‍ය තොරතුරු අනුව අඩි 10 ½  දිගින් හා අඩි 4 ½  විශාලත්වයනේ යුත් විශාල ශිලාමය ආසනයක් ඇති අතර එහි නව අරහදී බුදුගුණ කියාපානවා වැනි කොටස් නවයකින් යුක්තවීම විශේෂ ලක්ෂණයකි.  ඉතා සියුම් කැටයම්වලින් නිමවී ඇති මෙම ආසනය ආරක්ෂා කිරීම සඳහා යකඩ වැටක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යොදා ඇත.  මෑත කාලයේ ඉඳිකරන ලද චෛත්‍යයක් හා ලෙන් විහාරයේ බිත්තිවල හා වියනේ අගනා සිතුවම් අද ද දක්නට ලැබේ.