Traditional Art

0
202

ඇඳුම

රජ ඇඳුම –
රවුම් හෝ හතර මු‘ තොප්පියක් හිස පළඳී. රජතුමා බෝ කොළ සැරසිලි වලින් යුත් උරහිස් හා මැණික් කටුවේ බෝරිච්චි සහිත අත් දිග පට්ට වස්ත‍්‍රයෙන් තැනූ බෝ හැට්ටයකින්ද, වළලූකරේ බෝරිච්චි සහිත බුරුල් කලිසමකින්ද, රන් කවණි තුන්පොට්ටියකින්ද, පටියකින්ද සැරසී සිටියේය.හිසකෙස් වල ඇති තෙල් ගෑවීමෙන් වැළකෙන පරිදි සුදු කපු රෙදි වලින් හෝ පට රෙදි වලින් කරන ලද මන්තයක් කමිසයට සම්බන්ධ කර තිබුණි. ඇතැම් විටෙක මේ මන්තය රන් තහඩුවෙන්ද නිමවන ලද අවස්ථා විය.රජු අබරණ රැුසක් පැළඳි අතර මැණික් වැඩ දැමූ වේවැලක්ද අතෙහි ගෙන යන ලදී. මංගල අවස්ථාවන්හිදී නොයෙක් යනාදියෙන් අලංකෘත වූ සන්නාහයකින් සැරසුණු අතර එය අත්‍යලංකාර සාටකයන් ගෙන් හෝ මු‘මනින්ම රනින් නිම කළේ විය.
රජුගේ අභරණ භාරවත්, ස‘පිළි භාරවත් විශේෂ නිලධාරීහු වූහ.රජු හැඳ පැළඳ සැරසෙන විට පිරිවරා සිටීමද ඔවුන් ගේ කාර්යයක් විය. මුලූතැන් ගෙය පාලනය කළ නිලධාරියා එහි සේවය කළ වුනට උලූපැන් පිළියෙළ කලා පමණක් නොව රජුගේ කොණ්ඩයෙහි තෙල් ගා පීරීමද කරන ලද්දේය. මෙම සිය‘ දෙනා දුක් ගන්නා නිළමෙවරු වූ අතර ඔවුහු උසස් පවුල් වලට අයත් වූහ.රජුට ඔටුන්නක් තිබුණ නමුදු එය පළඳින ලද්දේ කලාතුරකිණි.ීපංච කකුධ භාණ්ඩ රාජ්‍යත්වයේ සංකේතය විය. සුදු කුඩය, මඟුල් කඩුව, වල්විදුනාව හෙවත් වාවරය, නළල් පටය හා මිරිවැඩි සඟල යනාදියෙන් එය සමන්විත විය.රාජ්‍ය උත්සව, විහාර, පෙරහැර ආදියේදී ගමන් ගන්නා නිළමේවරුදීරන් ආවුද නමින් හැඳින්වූ සංකේත දරන්නන් විසින් පිරිවරන ලදී.

නිළමේවරුන් ගේ ඇඳුම –

නිල් හෝ සුදු කපු පිළියෙන් කළ හැට්ටයක්ද, බඳ මැදින් ඉනට ගෑවෙන ලෙස සුදු රෙද්දක්ද, ඊට පිටින් නිල් පැහැති රෙද්දක් හෝ පාට පාට විචිත‍්‍ර රෙද්දක් හෝ ඇඳීම නිළමේවරුන් ගේ සිරිත විය.ඉන වටා රතු හෝ නිල් පටියක් බැඳ රිදියෙන් කැටයම් කළ හෝ ගිල්ලවිඩි වැඩ සහිත මිටක් සහිත පිහියක් ගසා ගත්හ.ගිල්ලවිලි වැඩ ඇති තඹ සහ රිදී කැටයම් සහිත වකුටු කොට කඩුවක් පසෙක එල්ලෙනු ලැබීය.බෝරිච්චියක් සහිත චිත‍්‍ර වැඩ කළ වේවැලක් අතෙහි ව්ය.ප‍්‍රධානීහු ද ජේත්තුකාර තරුණයෝ ද පිට දිගේ වැටෙන සේ හිස කෙස් වැවූහ. ගමන බිමනේ යෙදෙන විට එයින් හිරිහැර නොවනු වස් කොණ්ඩය බඳනා ලදහ.රිදී, පිත්තල, තඹ මුදු ඇඟිලි වල පැළª අතර වඩා ශ්‍රේෂ්ඨයෝ රන් මුදු පැළªහ. පට රෙදි ඇඳීමට කිසිවෙකුටත් අවසර නැති විය.

සුඛෝපභෝගී පාලක නීති –

මෙමගින් ඇඳුම පිළිබඳ විශේෂතා ද අන් බොහෝ කරුණුද පාලනය විය.ආචාරීන් හා ගොවියන් එකම ඇඳුම භාවිතා කළ අතර කරණවෑමි ගැහැණුන්ට හා පිරිමින්ට හැට්ට ඇඳීමට නිදහස තිබුණි. එහෙත් ඔවුන්ට බංකු මත වාඩි වීමට අවසර නොවීය.හැට්ට ඇඳීමද, දණ හිසෙන් පහළට වැටෙන සේ රෙදි ඇඳීමද, බංකු මත වාඩි වීමද ඔවුන්ට තහනම් විය.රජු පමණක් භාවිත කළ පුෂ්ප අලංකරණ සහිත අටමු‘ තොප්පිද, මිරිවැඩි සහ පා දිගට කලිසම හා මඟුල් කඩුවද, මුතු කුඩය හා රාජාභරණ වැනි කකුධ භාණ්ඩද වෙන කිසිවකුට භාවිත කළ නොහැකි විය.කපරාරු කළ බිත්ති, උ‘ වහළ, දෙමහල් ගොඩනැගිලි, කොත් භාවිත කළ හැකි වූයේ රජුට, විහාර දේවාල වලට හා ප‍්‍රධාන නිළමෙවරුන්ට පමණක් විය. එපමණක් නොව ආචාර සමාචාර විධි, භාෂාව භාවිත කළ ආකාරය ආදියද, ආමන්ත‍්‍රණය කරනු ලබන පුද්ගලයා අනුව වෙනස් විය. අවස්ථාවට සුදුසු පරිදි ගෞරව පද භාවිත කිරීම විශිෂ්ඨ ක‍්‍රමය විය.පංති භේදය අනුව ඇඳුමේ ස්වභාවය වෙනස් විය. ගොවියන් නම් ආදියෙන්ද ඇඳුම් ඇඳීමේ පිළිවෙලින් අන් අයගෙන් වෙන් කොට හඳුනා ගත හැකි විය.පිරිමි කෙණ්ඩා වලින් අඩක් වැසෙන සේද ගැහැණු විලූඹ තෙක්ද රෙදි ඇන්දාහ. ස්තී‍්‍රහු රෙද්දේ කොනක් උර මත දමා එහි අග කෙළවරින් පියයුරු වසා ගත්හ.එසේ වුවද අනෙක් පංති වලට අයත් ස්තී‍්‍රහු ඉණෙන් ඉහළ නොවසා දෙදණින් මඳක් පහළට රෙදි ඇන්දාහ. ශීත කාල වලදී පිරිමින්ට මෙන්ම ගැහැණුන්ටද පිට වසා ගත හැක. එහෙත් ගොවියන් (හන්දුරුවන්* හමුවූ විට එයට සමාව අයැදිය යුතු විය.ීබය බෝයි හීතලටv යයි කිය යුතුයි.හන්දුරුවන් ගේ හිස් වැස්ම එකම පාටක් වූ අතර එය නිල් හෝ සුදු විය. පහත් තත්වයකට අයත් තම හිස් වැසුම හා පෙති වෙනත් පාටකි. එහෙත් හැම විටම පෙති රතු පාට විය. මෙම හිස් වැසුම දැන් පළඳිනු නොලබයි. එය 18 වන සියවස පමණ පැවති විලාසිතාවක් විය.සමහරු හිස් වැස්මක් ලෙස ලේන්සුව පාවිච්චි කළහ. ගොවිතැන් වැඩෙහි නියුක්ත වූවෝ විශාල බටකොළ හෝ පන් තොප්පි භාවිතා කරනු දක්නට ලැබීය.දිග කච්චිය නමා තවත් ඇඳුමක් වූ අතර මෙය පණිවුඩකාරයන් ගේ හා මුරකාරයන් ගේ ඇඳුම විය. නාන විට ඇන්දේද මෙයයි. යට ඇඳුමක් ලෙස මෙය නිරතුරුව අඳින ලද්දකි. පාවිච්චි කරන අය ගේ තත්වය අනුව මෙය මනහර ලෙස සෝභමානව අලංකාර කරනු ලැබීය.

ගැහැණුන් ගේ ඇඳුම –

පිරිමියෙකු ගේ ඇඳුම මෙන් මන්තයක් සහිත හැට්ටයකින් ද, ඉණ වටා විවිධ ලෙස අඳින ලද රෙද්දකින් ද කුලීන ස්තී‍්‍රහු සැරසුනහ.නැතහොත් ඔහොරියකින් සැරසී එහි කොනක් උරය මත දමන ලදී. මෙය ද්‍රවිඩ සම්භවයක් විය හැකිය.ස්තී‍්‍රහු සැමවිටම පිරිමින් පරදවා ඇඳුම් ඇන්දාහ. පුරුෂයෝ තම භාර්යාවන්ට ඇන්දවීමට මිස තමාගේ ඇඳුමට පැළඳුමට සිත නොයෙදීය.කෙසේ වුවද ගැහැණු ගෙදරදී තම ඇඳුම පිළිබඳව එතරම් සැලකිලිමත් නොවූ අතර වැඩ පහසුවෙන් කර ගත හැකි වන ආකාරයට ඇඳීමට පුරුදුව සිටියහ.බැහැරට යන විට ඔවුහු රතු සහ නිල් පාට නූලෙන් මල් හා අතු දමා වැඩ කර මැසූ සිනිඳු සුදු රෙද්දෙන් කළ අත් කොට ගවොමක් ඇඟ වැසෙන ලෙස ඇන්දාහ. රිදී වළලූ අත් වල පැළඳි අතර අතෙහි ඇඟිලිද පයෙහි ඇඟිලිද රිදී මුදු වලින් පිරී තිබුණි. විසිතුරු ලෙස කැටයම් යොදා රනින් ආලේප කළ මාල හෝ පබලූ මාල පැළªහ. පියයුරු දක්වා එල්ලෙන ලෙස මෙම මාල පැළªහ. කර්ණාභරණ ලෙස භාවිත කළේ ගල් අල්ලා රිදියෙන් යොදන ලද කැටයම් සහිත රන් ආලේපිත කන් වල එල්ලෙන ආභරණයි.ළදරු වියෙහිදීම කන් විදීම සිදු කරන අතර රෝල් කළ පොල් කොළ තෝඩු සාදා දැමීමෙන් කන් සිදුරු ලොකු කර ගනු ලැබූහ. මේ දෙපස රවුම් දෙකක් මෙන් පෙනුණි. කාන්තාවෝ ඉතා අලංකාර ලෙස කැටයම් යෙ¥ රිදී කෙඳි වලින් හා තහඩු වලින් සාදන ලද රිදී හවඩි එකක් හෝ කීපයක් ඉණ වටා පැළªහ. ගමන් බිමන් යාමේදී බුලත් හැපීමටද ඔවුහු අමතක නොකළහ.ගැහැණු පිරිමි මෝස්තර වලට කැමැත්තක් දැක්වුවද පාවහන් හෝ මේස් පැළඳීම නොකළහ. ඒවා රජුට පමණක් සීමාව පැවති රාජාභරණ වීම එයට හේතුවයි.පහතරට ගැහැණු කර පළල් බුරුල් හැට්ටයකින් සැරසුන අතර ශරීරයේ පහත කොටස වැසෙන සේ රෙද්දක් අඳින ලදී. කැස්බෑ ලෙලි වලින් කළ පනාව පැළඳීමද දක්නට ලැබුණ අතර මෙය පර මිනිසුන් ගේ අනුකරණය කරන ලද්දක් විය. (අතට ආභරණ දෙක )

පෙරහර –

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දෙවිවරුන් උදෙසා ඔවුනට ගෞරව කිරීම පිණිස පවත්වනු ලබන වාර්ෂික උත්සවය පෙරහර නමින් හඳුන්වනු ලබයි. සෑම දේවාලයකම පෙරහර පවත්වනු ලබන නමුදු එය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන්නේ මහනුවරයි. මහනුවර පෙරහර ගරු ගාම්භීර පෙරහරකි.ගෙඩි පල නොගත් කොස් ගසක් කැපීමෙන් මෙම උත්සවය ආරම්භ කරනු ලබන අතර තෝරා ගනු ලැබූ ගස වටා පිරිසිදු කොට සුවඳ දුම්මල දමා අල්ලා, සඳුන් මිශ‍්‍රණය ආලේප කරනු ලබයි. අනතුරුව තිර නවයක් ඇති පහනක්ද, බුලත් කොළ නවයක්ද, මල් වර්ග නවයක්ද පූජා කරනු ලබයි. ඊළඟට චාරිත‍්‍රානුකූලව පිරිසිදු වී පිරුවටයක් හැඳ ගන්නා මහා විෂ්ණු දේවාලයේ ගස් කපන්නා විසින් මෙම ගස කපා හෙළනු ලබයි. එක් එක් දේවාලයට එක් කොටස බැගින් මෙම ගස හතරට කපනු ලබයි. මෙම කොටස කප නමින් හඳුන්වයි. මෙම කප් ඒ ඒ් දේවාල වලට ගෙන යනු ලබන අතර එසේ ගෙන යනුයේ තූර්ය නාද හා පිරිවර සහිතව උත්සවශී‍්‍රයෙනි.මෙලෙස සකසා ගත් කප් අ‘ත් හඳ ඇති දවසෙහි නැකත් වේලාවක කොළ, මල්, ගෙඩි ආදියෙන් සරසා තාවකාලිකව වහළක් යට බිම සිටවනු ලබයි. ඇහැල ගස හෙවත් ජුලයි ගස යනුයෙන් හඳුන්වනු ලබන්නේ මෙසේ සිටවන ලද ගසයි. නියම පෙරහර ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි.මුල් දින පහ තුල දේවාභරණ කප වටා පෙරහරින් ගෙන යනු ලබන අතර එම පෙරහර හඳුන්වනු ලබන්නේීකුඹල් පෙරහර ලෙසිනි. ඊළඟ දින පහ තුල දී පෙරහර දිනකට දෙවරක් දේවාල මිදුල වටා ගමන් කරනු ලබන අතර එම පෙරහරීදේවාල පෙරහර නමින් හඳුන්වනු ලබයි.
පෙරහරේ ගමන් පිළිවෙල මෙසේය.
1. ලේකම් මිටිය හා පන්හිඳ සහිත මහ ලේකම් මහත්මයා
2. හස්තියා මහ කොඩිය සහිත ගජනායක නිළමේ
3. කොඩිතුවක්කු මහ කොඩිය සහිත කොඩිතුවක්කු නිළමේ
4. ඉර හඳ මහ කොඩිය සහිත හතර කෝරළේු දිසාව
5. සිංහයා මහ කොඩිය සහිත සත් කෝරළේු දිසාව
6. හංසයා මහ කොඩිය සහිත ඌවේ දිසාව
7. සුදු මහ කොඩිය සහිත මාතලේ්ු දිසාව
8. පට රෙදි (කහ පාට) මහ කොඩිය සහිත සබරගමු දිසාව
9. භේරුණ්ඩ (දෙහිස් උකුස්සා) මහ කොඩිය සහිත කෝරළෙ තුනේ දිසාව
10. මයුර මහ කොඩිය සහිත වලපනේ දිසාව
11. නෙලූම් මල් මහ කොඩිය සහිත උඩ පළාතේ දිසාව
12. ගජසිංහ මහ කොඩිය සහිත නුවර කලාපීය දිසාව
13. කොටියා මහ කොඩිය සහිත වෙල්ලස්සේ දිසාව
14. ගිරවා මහ කොඩිය සහිත බිංතැන්නේ දිසාව
15. වලහා මහ කොඩිය සහිත තමන්කඩුවේ දිසාව
16. ඇතුන් හා මාළිගාවේ ආවතේවකාරයන් විසින් පිරිවරන ලද දළදා කරක්‍ෂුව රැුගත් මාළිගාවේ ඇත් රාජයා
17. නාථ දේවාලයේ ඇතුන් හා ආවතේවකාරයෝ
18. විෂ්ණු දේවාලයේ ඇතුන් හා ආවතේවකාරයෝ
19. කතරගම දේවාලයේ ඇතුන් හා ආවතේවකාරයෝ
20. දේවාලයේ ඇතුන් හා ආවතේවකාරයෝ
21. රටේ මහත්වරු සහ ඔවුන් ගේ කොඩි
22. මහ ලේකම් දෙපාර්තමේන්තුවේ ඇත්කඳලිහිණියා කොඩිය
23. නානායක්කාර ලේකම් – නිල් පාට කොඩිය
24. අතපත්තු ලේකම්
25. වෙඩික්කාර ලේකම් – රතු පාට කොඩිය
26. වඩන තුවක්කුකාර ලේකම් – සුදුු පාට කොඩිය
27. පණිවිඩකාර ලේකම් – රතු පාට කොඩිය
අවසානයේ – අදිකාරම්වරු දෙදෙනා

පුස් කොළ පිළියෙල කිරීම –

සිංහල පොත් ලියනු ලබන්නේ පුස් කොළ වල හෙවත් තල ගසේ කොළ වලයි. මේවා පිළියෙල කළ යුතු විශේෂ ක‍්‍රමයක් ද වේ.එම ක‍්‍රමවේදය මෙසේ දැක්විය හැක.තල ගොබය විසිරීමට පෙර කපා ගත යුතුය. එහි කොළ වෙන් වෙන්ව ඉරා මැද පිත්ත අස් කළ යුතුයි. අනතුරුව කොළ ඉරු දෙකකට ඉරා ගත යුතුය. මෙසේ ඉරා ගත් කොළ එක් කොට යන්තම් බැඳ ඇල් ජලය සහිත තඹ හැලියක දමා පැයක් තම්බා ගත යුතුය. තම්බාගත් තල කොළ ඉරු දින තුනක් අව්වේ වියළා ගත යුතුය. අනතුරුව වියළා ගත් කොළ විශ්කම්භය අඩියක් වන සේ රවුමට ඔතා ගනු ලැබේ. මේවා දරණු ලෙස පෙනේ. එම කොළ දරණු පිට පිටම ? තුනක් පින්නෙහි තැබීමෙන් නම්‍යශීලී බව ඇති කර ගත යුතුය. මෙවැනි කොළ දිගු කලක් තබා ගත හැකිවේ. දුම් මැස්සක් වැනි තැනක දුම් ගැසීමට තැබීමෙන් ආරඏා කර ගත හැකි අතර අවශ්‍ය විටෙක කොළ එකිනෙක ගෙන ඔප දැමූ පුවක් කොටයක මැදීමෙන් මටසිලූටු කර ගැනීමෙන් භාවිතයට ගත හැක. පුවක් කොටය කණු දෙකක බැඳ මුල පැත්තට බරක් එල්ලා තල කොළය කොටය හරහා දමා එහි දෙපැත්තම මටසිලූටු වන තුරු ඉහළට පහළට ඇදිය යුතුය. අවසානයෙහි මෙම කොළ සම්මත දිගට කපනු ලබන අතර එම දිගම කොළය වන්නේ වියත් තුනක් පමණ එකකි.

කොළ පිළිලෙ කිරීම –

පොත් ලිවීම සඳහා වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ වියත් දෙකක් හා සතරඟුලකි.අඟල් දහ අටේ සිට ක‍්‍රමයෙන් අඩු වන ආකාරයට කෙටි පුස් කොළ සකසනු ලබයි. පුස් කොළ වල පළල සමාන වීම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ලණු දැමීම –

පළමුව කොළය තුනට නවා නැවත සතරට නැමිය යුතුය. මේ නැමීම් දෙක අතර සිදුරු විදගත යුතුය. මටසිලූටු රවුම් කෝටු වල මේ සිදුරු මගින් කොළ අමුණා දෙපසට ලෑලි කවර යොදා පුස් කොළ වල අයින් හතරම ගිනියම් යකඩයකින් පු‘ස්සනු ලැබේ. මෙහි එක් කොළයක් පත් ඉරුව නමින් හඳුන්වනු ලබන අතර අකාරාදී පිළිවෙලට අකුරු යෙ කොළ අටක හෝ දහසයක මිටියක් පත් තට්ටුවකි.එකිනෙක කොළය මිටියෙන් ගෙන එහි ලිවීම කරනු ලබන්නේ පන්හිඳෙහි ලිවීමෙන් හා වැරදි නිවරද කිරීමෙන් අනතුරුව දුම්මල තෙල් හා අ‘ත් දැලි මිශ‍්‍රණයක් තැවරූ රෙදි කැබැල්ලකින් අතුල්ලනු ලබයි. මෙය හඳුන්වන්නේීක‘ මදිනවාv නමිනි. එය පිරිසිදු දහයියා වලින් පිස දැමූ පසුව අකුරු ඉතා පැහැදිලිව පෙනෙන්නට ගනී.

චිත‍්‍ර ශිල්පය ඉගැන්වීම –

චිත‍්‍ර ශිල්පය පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය වනුයේ ගෘහ නිර්මාණ ශිල්පීන්, සිත්තරුන්, සැලසුම්කරුවන් ආදී වූ ෙඏ්ත‍්‍රයන්හි නියැලෙන්නවුනටය. මෙම ශිල්පය පුහුණු කිරීම සඳහා ක‍්‍රමානුකූලවූත්, භාවිතයෙහි පවත්නාවූත් උපදේශන පද්ධතියක් ඇත. වැඩි වශයෙන් මොවුනතර වූයේ විශාරද කාර්මිකයන් ගේ දරුවන්ය. ×තීන් ගේ පුත‍්‍රයින් හා අන්‍යයෝද භාර ගනු ලැබූහ. මේ සඳහා පළමුකොට නැකතක් බලනු ලබයි. ඉන්පසු ආධුනිකයා (අවුරුදු සතරක් පමණ වයස් වූ* කැටුව රස කැවිලි, බුලත් ආදී පුද පක්‍ෂුරු කදක් ගත් වැඩකරුවකු හෝ වැඩකරුවක් කිහිප දෙනෙකු හෝ සමඟ ශිල්පියා ගේ ගෙදරට යයි.පළමු කොට චිත‍්‍ර ශිල්පය ඉගෙනීමේ යෙදෙන යටි පෝරුව හෙවත් වඩිනම් මිශ‍්‍රණයක් ගාන ලද සිත්තම් පෝරුවක් ඔහුට ලැබේ. (වඩි සාදා ගනු ලබන්නේ සියඹලා ඇට පනම් දෙකක්, පොල් කටු අඟුරු පළමක්, යබොර පලම් දෙකක් හා නිල් මංචාඩි දහයක් කීකිරිඳිය කොළ ඉස්මෙන් ඇඹරීමෙනි.)මෙම ද්‍රව්‍ය එකට අඹරා ඉතා සිනිඳුව කුඩු කරන ලද තිරුවානා ගල් කුඩු සමඟ මිශ‍්‍ර කොට ලෑල්ල මත මටසිලූටුවට ගා වේලෙන්නට හරිනු ලබයි. උණ ලී මිටක සවි කරන ලද ඉකිරි කටුවක් තම පැන්සල වශයෙන් පාවිච්ච් කරන ආධුනිකයා මෙලෙස පිළියෙල කරන ලද පෝරුව මත අඳින්නට හුරුවේ. කුඹුක් පොත්තක් උල් කර සාදා ගත් උල් කටුවක් ද මේ සඳහා භාවිත කළ හැකිය. මෙකල භාවිත වන්නේ කොළ සහ පැන්සල්ය.

ඇඳීම් ඉගැන්වීම –

පළමු කොට ගෝලයා අඳිනු ලබන්නේ ඉහත දැක්වෙන වක දෙක නමැති චිත‍්‍රයයි. ගුරුවරයා යටි පෝරුවේ මෙය ඇඳ දුන් පසු ඒ මත පුන පුනා ඇඳීමෙන් අත හුරු කර ගත යුතු විය. අත පාලනය කිරීමේ ශක්තිය තරමක් ලැබුණු පසු සිතේ කාවැදුණු චිත‍්‍රය මතකින් ඇන්ද යුතුය. නියම හැඟීම එන ලෙස ඇඳීම සම්බන්ධයෙන් මේ සූක්ෂම වක ඇඳීමේදී සැලකිලිමත් වේ. ශිල්පියා ඒ පිළිබඳව තරමක දක්ෂතාවයක් ලබා ගත් පසු පතුරු එක් කිරීමෙන් මේ චිත‍්‍රය සංකීර්ණ කරනු ලැබේ
මින් පසු මලක් එනම් සීන මල එක් කොණකට එකතු කරනු ලබයි.

අනතුරුව වක දෙක අභ්‍යන්තර බෙදීම් වලින් හා බාහිර එක් කිරීම් වලින් යුක්ත වන සේ කතුරු මල, මොට්ටක්කරුප්පුව හා තිරිඟි තලේ යන නම් වලින් හැඳින්වෙන මෝස්තර නිම වෙයි.

මේ සියල්ලම මූලික වක දෙක මත ගොඩ නැඟුණු සංකීර්ණ මෝස්තර ලෙස හඳුන්වා දිය හැකිය. තිරිඟි තලේ සැරසිලි ක‍්‍රමය ලිය පත හෙවත් ලිය පොත නම් වේ. තිරිඟි තලේ යනු සැරසිලි ක‍්‍රමයක් නොව ආධුනිකයා ගේ දක්ෂතා පරීඏණයකි. මෙවැනි තිරිඟි තලයක් සටහනක් පරීඏාවකින් තොරව ඇඳීමට ශිෂ්‍යයාට හැකි වේ නම් ඔහුට ඒ සම්බන්ධයෙන් දක්ෂතාවක් තිබෙන බව දැන ගත හැකිය.
18 වන සියවසෙහි අග භාගයෙහි හා 19 වන සියවසෙහි මුල් භාගයේ පටන් පැවත එන මනහර තිරිඟි තලේ දර්ශන කීපයක් කාර්මික පවුල් වලින් ලැබී තිබේ. මේවා ලන්දේසි කඩදාසි වල ඇඳ ඇත. මෙම කඩදාසි අතිශයින් දුර්ලභ වූ අලංකෘත අන් ලියවිලි සඳහා භාවිත වී ඇත. ගුරු අකුරු පොත් (පඩිමාකඩ පොත්) හෙවත් මෝස්තර භාවිතය දිගටම පැවතුණකි.
ස්වභාවික ද්‍රව්‍ය බලා ඇඳීම ශිෂ්‍යයාට ඉගැන්වූයේ නැත. ගොතික් චිත‍්‍ර ශිල්පියා ටියුඩර් රෝස මල තමා කැමති ලෙස නිරූපණයට නිදහස ගත්තාක් මෙන් පාරම්පරික සම්ප‍්‍රදායානුකූල සැරසිලි මෝස්තර පිළිබඳව ශිල්පියාට නිදහස තිබුණි. සිංහයකු ගේ රූපයක් ඇඳීමේදී මූලික කටු සටහනක් නොමැතිව මුහුණෙන් පටන් ගෙන සම්පූර්ණ වට රේඛාව දිගේ තෙලි තුඩ යවමින් අඳිනු ලැබීම මෙයට උදාහරන ලෙස ගත හැක. මෙහිදී තලය මතුපිට තමා අඳින්නට යන මෝස්තරය මනැසට පෙනෙන ආකාරයෙන් අඳින බව මෙහිදී පැහැදිලිය. චිත‍්‍රය අලංකාර වූවා හෝ නොවූවා විය හැකි වුවද ශිල්පියාට කම් නැත. ඔහු එහි නොගැටේ.
තුන්දන් වැඩ නමින් හැඳින්වෙන ජ්‍යාමිතික නිර්මාණයෙන් යුත් පුනප්පුන මෝස්තර හා සිංහල සැරසිලි චිත‍්‍ර සඳහා භාවිත කෙරෙන නොයෙක් පුෂ්පමය සැරසිලි ඇඳීමට ශිෂ්‍යයාට ඊළඟට උගන්වනු ලබයි. පාරම්පරික චාරිත‍්‍රානුගතව උගන්වාගන යන මේ මෝස්තර වල යම් විසදෘශතාවක් ඇත. තිරිඟි තලේ ආදර්ශද එසේම මඳ විසදෘශතාවකින් යුක්තය. මෙහිදී ශිල්පියාගේ පෞද්ගලිකත්වයට ඉඩ ඇත.
චිත‍්‍ර‍්‍ර පිළිබඳ දැඩිවූ චිරාගත ලඏණ නිසා එක් අයෙකු ගේ වැඩ තවකෙකුගේ වැඩ වලින් වෙන් කොට හැඳිනගත නොහැකි යයි තහනමක් තිබිය යුතුද ඉහත දැක්වෙන ආකාරයේ චිත‍්‍රයක් කිසිදු සූදානමක් නැතිව ඇඳීමේ හැකියාව පිළිබඳ නිශ්චිතත්වයත් අනායාසයත් ඉතා වැදගත් වේ. යමෙකු මෙවැන්නක් අඳිනු බලා සිටියහොත් ශිල්පියා මෝස්තරය අඳිනු වෙනුවට මෝස්තරය එයින්ම මැවෙන බව ඔහුට දැනේ.
ඊළඟට ශිෂ්‍යයා මනාව රූප හා සත්ව රූප ඇඳීම අරඹයි. මෙයින් පළමුවැන්න වූයේ උසඹ කුඤ්ජර නම් අරුම පුදුම ගොන් ඇත් ගැළපීමයි. ඊළඟට චතුර්නාරි පල්ලැක්කිය (සිව් ගැහැණු පල්ලැක්කිය), පංච නාරි ගැට (පස් ගැහැණු ගැටය), අචා නාරි තොරණ, සප්ත නාරි තුරඟා (ගැහැණුු අශ්වයා), අෂ්ට නාරි රථ (අට ගැහැනු රථය), නව නාරි කුඤ්ජරි (නව ගැහැනු ඇතා) කුරු පොත අනුව යටි පෝරුවේ අඳිනු ලැබේ. මෙයින් බලාපොරොත්තු වන්නේ ශිෂ්‍යයාට තමා ඉදිරිපිට ඇති මෝස්තරයක් පිටපත් කිරීමේ හැකියාව ලබා දීම නොවේ.
ඇතැම් ප‍්‍රසිද්ධ මෝස්තර හා රූප තම මතකින් ඇඳීමේ හැකියාවක් තමන් සරසන්නා යන විවිධ තල හා භාණ්ඩ සැරසීම පිණිස චිත‍්‍ර මෝස්තර පිළිබඳව චිරාගත මූලිකාංග භාවිත කිරීමේ දඏතාවක් ලබා දීම මෙහි අරමුණයි.

කාර්මික අත් පොත් –

මේ අතරතුරදී ශිෂ්‍යයා රාජාවලිය නම් සංස්කෘත ග‍්‍රන්ථයද, බුදු පිළිම තැනීම පිළිබඳ උපදෙස් අඩංගු සාරිපුත‍්‍රයද, දෙවියන් රජුන් හා මිනිසුන්ට ගැලපෙන සිව් සැට ආභරණ පිළිබඳවද එකිනෙකට අවශ්‍ය මෝස්තර, රත්රන් වල ප‍්‍රමාණය සහ කඩු, සිහසුන්, දාගැබ් යනාදියේ මිනුම් ආදියද පිළිබඳ ගුරුහරුකම් කට පාඩමින් මේ හැරුණු විට ශිෂ්‍යයා දෙවිවරුන් හා මත්ස්‍ය සත්වයින් ගේ රූප ඇඳීමටද රූපාවලියෙන් උගනී. මේ වන විට ශිෂ්‍යයා තෙලි කූර භාවිත කරනු ලබයි. ගුරුවරයා සමඟ සු‘ සු‘ වැඩ කිරීමෙන්ද, ගුරුවරයා විහාර චිත‍්‍ර කර්මාන්තයේ යෙදී සිටියහොත් සු‘ සු‘ වැඩ කිරීමෙන්ද, තෙලි කූර හුරු කර ගනී.
එක් කාර්මිකයකු එක විටම විශිෂ්ඨ කලා කීපයක යෙදීමද සාමාන්‍ය සිරිත විය. චිත‍්‍ර ශිල්පය සමඟම ඇත් දත් කැටයම් වැඩ එකට කිරීම හෝ තවත් කලා සමඟ කිරීම උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් විශේෂ කාර්යය වශයෙන් එකක් හෝ කීපයක් තෝරා ගනු ලබයි. කලා පහක් පිළිබඳ දක්ෂතාව ඇති ගල්ලද්දෙක් ශිල්පාචාර්ය යන හඳුන්වනු ලැබීය.

නේත‍්‍ර මංගල්‍යය –

මෙය බෙහෙවින් ඇල්ම උපදවන කාර්යයකි. කාර්මිකයා ගේ පූජක තත්වය මෙයින් ගෙන හැරපාන බැවින් ද ඔහු හා ඔහු ගේ අනුග‍්‍රාහකයා ගේ සම්බන්ධතාවය පෙන්වන්නක් බැවින් ද මෙය වැදගත්ය.
ඇත්ත වශයෙන් මේ මංගල්‍යය වනාහි විහාරය (වඩාත් විශේෂ ලෙස එහි පිළිමය) පූජා කිරීමයි. නේත‍්‍ර මංගල්‍යය ගැන කරුණු දැක්වීමේ දී ප‍්‍රථමයෙන් අලූත් විහාරයක් තැනීම සම්බන්ධ කි‍්‍රයා පිළිවෙත කෙටියෙන් දැක්වීම උචිතය.මෙහිදී සැම විටම පාහේ අනුග‍්‍රාහකයා වූයේ රජුයි. ඔහු ගේ සේවයට කැපවී සිටියේත් රාජකීය කාර්මිකයෝයි. බොහෝ විට ගිහියෙක් හෝ ගිහියන් කණ්ඩායමක් ද අනුග‍්‍රාහකත්වය දැරිය හැකිය. විහාරයක් තැනවීම හෝ අලූත්වැඩියා කිරීම පිළිබඳව වගකීම භාරගත් භිඏුවක් වුවද අනුග‍්‍රාහකයා විය හැකිය.
රජතුමා අලූත් විහාරයක් සාදවා ගම් බිම් පූජා කර එහි වැඩි වර්ධනය සඳහා නිශ්චය කර ගත් පට්ටල් හතරට අලූත් කාර්මිකයන්ට එය භාරදීමේ කාර්යය ඊළඟට සිදුවිය. මුලින් තෑගි භෝග කත් බරක් යවා ඒ කාර්යය භාර ගන්නා ලෙස කාර්මිකයා ගෙන් ඉල්ලීමක් කරයි. රජතුමාට වඩා පහත් අයෙක් නම් මෙවැනි අවස්ථාවකදී තමාම එම තෑගි භෝග රැුගෙන කාර්මිකයාගේ නිවසට යනු ලබයි.කටයුතු ඇරඹීමට සුදුසු නැකතක් නියම කර ගැනීමෙන් පසු ප‍්‍රධාන කාර්මිකයා විහාරය තනන භූමියේදීම රජතුමා හමුවීමට විධි විධාන යොදයි. මෙහිදී ඔහුට රෙදි, හාල් ආදී තෑගිද ලැබේ.ඔහු ගෙයක් තැනීමට අවශ්‍ය මූලික කාර්යය මෙහිදී ගණ දෙවියන්ට මල් යහනක්ද භූමි දෙවියන්ට මල් තටුවක්ද සකසා අට මඟලක් ඇඳ අත්තිවාරමේ වැඩ ආරම්භ කරනු ලබයි.වැඩෙහි යෙදෙන කාර්මිකයන්ට ආහාර හා වස්ත‍්‍ර ආදිය සපයනු ලබයි. කලින් කල විශේෂයෙන් සිත්තම් කිරීමට කලින් පිළිමය කපරාරු කොට සුදු කළ විට දීත් ප‍්‍රධාන කාර්මිකයාට තෑගි භෝග පිරිනමයි. විහාරයක් සම්බන්ධව සුවිශේෂ වූ මංගල්‍යය නේත‍්‍ර මංගල්‍යය ලෙස හැඳින්විය හැකිය. විහාරයක තැබූ හෝ තැනවූ හැම පිළිමයක් සම්බන්ධව මෙම මංගල්‍යය පැවැත්විය යුතුය. සමතල පෘෂ්ඨයන්ට අඳින ලද සිත්තම් සම්බන්ධයෙන් පවා මෙම කාර්යය අවශ්‍ය වේ. ඇස් තැබීමට ප‍්‍රථමයෙන් පිළිමය සාමාන්‍ය ලෝහ හෝ මැටි ගුලියක් මිස දෙවියකු නොවේ. එය කිසිදු ගරු සරුවකින් තොරව පට්ටලයෙහි දමා ගනු ලබයි. එය තැනීම සඳහා මුලින් නියම කර ගත් ගුලියට අමතරව නෙත් තැබීම වෙනුවෙන් වටිනා තෑග්ගක් කාර්මිකයාට දීම සිරිතකි. නෙත් තැබීමෙන් අනතුරුව එය දෙවියෙක් වේ. මෙයින් පසු එය ගරු සරු සැලකිලි සහිතව පට්ටලයේ සිට කලින් තනා පිළියෙල කරන ලද පිළිම ගෙයට හෙවත් කුඩා ගෙයට පෙරහරින් වැඩමවා උත්සවශී‍්‍රයෙන් පූජා කරනු ලබයි. ඇතැමෙක් පිළිමය තැනීමෙන් පසුව ආචාරියාට දීම පිණිස මුදල් සම්මාදම් කරනු ලබයි. මෙහිදී සියලූ සැදැහැවත්හු එයට සම්මාදම් දෙති. මෙය පිළිමය තැනවූ තැනැත්තා ගේ උසස් ශ‍්‍රද්ධා භක්තිය හෙළි කරන කටයුත්තකි.
මෙම මංගල්‍යයෙහි සම්භවය බෞද්ධ නොව හින්දු බව පෙනේ. මෙහි අන්තර්ගත වන්නේ පිළිමය කැප කිරීමෙන් වන්දනා කරන්නා අදෘශ්‍යමාන දෙවියන් හා ඒකාබද්ධ කොට ඔහුට සෙත් පතා ගැනීමයි. මෙය හින්දු අදහස් වලට වඩාත් සමීප බව පෙනේ.
බෞද්ධ හා හින්දු ආගම එකම භක්තියේ අංශ දෙකක් වශයෙන් පැහැදිලි ලෙස සලකන ලද පැරණි යුග වල මේ උත්සවය ආරම්භ වන්නට ඇතැයි සිතිය හැකිය. වන්දනා කරුවා සහ දෙවියන් එක් කරන මාධ්‍යය මෙම උත්සවයයි. මෙය හින්දු අදහසකි. මෙම මංගල්‍යයේ පරමාර්ථය නම් ප‍්‍රතිමා ශිල්පියා හා චිත‍්‍ර ශිල්පියා ඇස් වහ වැනි වස් දොස් වලින් ආරඏා කිරීම යයි සිතිය හැකිය. පිළිම වල යම් යම් බල ඇතැයි සලකන අන් අවස්ථා වලදී මෙම හැඟීම ඇති කරයි.
නේත‍්‍රා මංගල්‍යයට ලක ලැහැස්ති වීම ඉතා විසිතුරු කටයුත්තකි. කෝසල බිම්බ වර්ණනා කවි පෙර දින හවස ගායනා කිරීමෙන් මෙම මංගල්‍යය ආරම්භ කරනු ලබයි. අටට හෝ නවයට කළ ස්ථාපනය කිරීම ඇරඹේ. මල් පැල වෙත පිදෙන්න දෙනු ලබන්නේ තුනට පමණය. නෙත් සිත්තම් කිරීම පහට පමණ සිදු කරනු ලබයි. ඉන්ද්‍ර, අග්නි, යම, නෛරිත, වරුණ, වෛජව්‍ය, උත්තර යන දෙවිවරුනට පූජාසන අටක් විහාරයෙන් පිටත ඉදි කරනු ලබයි. මෙම දෙවිවරුන්ගේ පරිවාර දෙවිවරු සඳහා තවත් පූජාසන අටක් තනනු ලබයි. දොරකඩ දෙපස ද්වාරපාල දෙවියනට පූජාසන ඉදි කරනු ලබයි. මේ දෙවිවරුන්ගේ රූප (දොරටුපාල රූප* දොර උ‘වහු කණු මුල තැනීම සිරිතකි. දොරකඩ ඉඩම් භාර දෙවියනට අස්නක් තනනු ලබයි. පන්සල් සීමාවෙන් බැහැර හා විහාරයෙන් පිටත ගබඩා පාලක දෙවියන් උදෙසා අස්නක් පිළියෙල කරනු ලබයි. හාල්, පොල්, හකුරු හා මුදල් දැමූ මුට්ටි අසූවක් නැතහොත් කලස්ථාපනයක් පිළියෙල කරනු ලබයි. මේ එක එක මුට්ටිය ලේන්සුවකින් වැසිය යුතු වේ. කන්‍යාවක විසින් කටින ලද නූලක් ඒ මත ඇද මුට්ටි සියල්ලම පංච වර්ණ රෙද්දකින් වසනු ලබයි.

කළස්ථාපන පිළියෙල කරන ආකාරය –

මේවා ගල් අතුරා අටමඟලක් ඇඟිල්ලෙන් අඳිනු ලබයි. මේ කොටස මත පැදුරු එළා පස් වර්ගයක වී තුනීයට අතුරනු ලබයි. පොල් කොළ තීරු මගින් ඒවා අටට බෙදනු ලබයි. මුට්ටි අසූව බ‍්‍රහ්ම ගර්භය හා විෂ්ණු ගර්භය සැදෙන සේ එකකට සතළිහ බැගින් දෙකොටසක් වශයෙන් ඉහත තැන් වල පිළියෙල කළ යුතුවේ. පළමු මුට්ටි පන්තිය මැද තබන ලද රන්, රිදී, මුතු හා නව රුවන් සහිත විශේෂ මුට්ටියක් බ‍්‍රහ්ම කළය නමින් හැඳින්වේ. අනෙක් මුට්ටි පන්තිය මැද තබන ලද හාල් සහිත මුට්ටියක් විෂ්ණු කළය නමින් හැඳින්වීය. මේ ප‍්‍රධාන මුට්ටි පේරක්කාල මත තබන හෙයින් අනෙක් මුට්ටි වලට වඩා උසින් පිහිටිය යුතුය. මේ සියල්ල කලස්ථාපනය ලෙස හඳුන්වයි.
විහාරය තුල ගණ දෙවියන් උදෙසා අස්නක් හා ඉන්ද්‍රකීලයක් ද පිළියෙල කළ යුතුය. (ඉන්ද්‍රකීලය නම් රුක්අත්තන කෝටුවක් කඩමාලූ එතීමෙන් සාදා ගත් රූපයකි* එය නව රත්න, රන්, හාල් ආදිය යෙ¥ කළ ගෙඩියක තැබිය යුතුය. විහාර බර්මහි අතුරන ලද හාල් මත අඳින ලද අටමඟල මැද සාස්ම පිළිමය ඉදිරියේ ඊට මූණ පා සිටින ලෙස මෙය තැබිය යුතුය. මෙය මෙසේ පිළියෙල කළ යුත්තේ බ‍්‍රාහ්මණ වෙස් ගත් මිනිසුන් හෝ තරුණයන් දෙදෙනෙකු නැතහොත් කිහිප දෙනෙකු විසිනි. බ‍්‍රාහ්මණ වෙස් ගැනීමේදී ජෝතිය, සාලූව, හිස් වැස්ම, කඩුක්කන් හා පූන නූල යන මේ සියල්ල පිළියෙල කර රතු ඇඳුමින් සැරසුන තවත් මිනිසෙක් කඩුවක් අතින් ගෙන දුම්මල කබලක් හා පිහි තලයක් ගෙන සංස්කෘත ස්ලෝක ගයමින් එකිනෙක පූජාසනය කරා සුවඳ හා පැන් පූජා කරනු ලබයි. මෙහිදී එම මිනිසා රතු තුප්පොට්ටි හැට්ටය, ලේන්සුව හා උස් උල් ජගලත් තොප්පියකින් සැරසී සිටිය යුතුය. ඔහු විහාරය දස වරක් පැදකුණු කොට ඉන් පසුව බෙර, හොරණෑ සහිතව වඩිපොල පූජාසනය වෙත ගොස් පුදා විහාරය කරා ආපසු පැමිණේ. පොර ගේ අදහස වන්නේ පුද ලබන්නා ගේ අවධානය යොමු කර ගැනීමයි. විහාරය ඇතුළෙහි වූ ගණ දෙවි දිබ්බාගෙයටද පූජා පවත්වනු ලබයි.
මංගල්‍යයේ දෙවෙනි කාර්ය වනුයේ ඉතා වැදගත් එකකි. ප‍්‍රධාන කාර්මිකයා කුමාර ඇඳුමකින් සැරසෙනු ලබයි. එය වහන්නතරාව යන නමින් හඳුන්වනු ලබයි. තවත් අගනා රෙද්දකින් හිස වසා සිටිනු ලබයි. තුප්පොට්ටිය, හැට්ටය, තොප්පිය, කඩුව හා ආභරණ වලින් කුමාර ඇඳුම සමන්විත විය.
මෙකල වැදගතුන් මුල් ගල් තබන්නා මෙන් අවකාශ ඇතහොත් රජතුමා මේ මංගල්‍යය පැවැත්වූ බව පැහැදිලිය. එහෙත් රජතුමා නොපැමිණෙන විට දී (රාජ්‍ය පාලන සමය අවසන් වී නම්) ප‍්‍රධාන වඩු ශිල්පියා රජ ඇඳුමෙන් සැරසී මෙම මංගල්‍යය පැවැත්වීය.
නෙත් තබන්නා (රජතුමා හෝ කාර්මිකයා) එතරම් විසිතුරු ලෙස නොසැරසුන තවත් අයෙකු විසින් (හිස වසා ගෙන සිටින) පිරිවරන ලදී. මේ දෙදෙනා සහ බාලයෙක් නොවේ නම් බ‍්‍රාහ්මණයා ද විහාරයට ඇතු‘ වෙති. අනෙක් පිරිස විශේෂයෙන් ස්තී‍්‍රහු සිටියේ ඈතිනි. දෙවැන්නා කැඩපතක් ගෙන නෙත් සිත්තම් කිරීම සඳහා අවශ්‍ය තෙලි කූරු සහ ක‘ සායම් ගෙන සිටී. දොර විවෘත කළ විට මන්ත‍්‍ර ජප කරනු ලබයි. රජකයා පියවිල්ලක් එළනු ලබයි. දෙවැන්නා කලින් සඳහන් කළ ඉන්ද්‍රකීලය ඉදිරියෙහි ඇති පිළිමය වෙත ගොස් පිළිමය අභිමුව කැඩපත ඇල්ලූ විට පළමු වැන්නා නෙත් සිත්තම් කරනු ලබයි. මෙසේ කරන විට දෙවැන්නා මන්ත‍්‍ර ජප කරනු ලබයි. පිළිම එකකට වඩා ඇත්නම් මේ කි‍්‍රයා මාර්ගය එකිනෙක සඳහා වෙන වෙනම අනුගමනය කරනු ලබයි. දේව රූප වල නේත‍්‍රා තැබීමද කෙරුනේ මෙසේමය. මනුෂ්‍ය රූප නිදර්ශනයක් ලෙස කෙනෙක් අනුග‍්‍රහ ගේ රූපය බිත්ති වල ඇඳ තිබුනහොත් ඒ සඳහා මෙම චාරිත‍්‍ර අනුගමනය කරනු නොලබයි. කැඩපතේ අදහස නම් පිළිමයේ බැල්ම ලබා ගැනීමය. කුඹුරට එන කුරුල්ලන් බිය ගැන්වීමට පමණක් නොව බැල්ම වැදීමෙන් ඇස්වහ දොස් දුරු කර ගැනීම පිණිසද යොදන පඹයකු ලෙස ඉන්ද්‍රකීලය ද වස් දොස් ඉවසන්නකු ලෙස මෙහිදී කි‍්‍රයා කරනු ලබයි.
මේ කටයුත්ත අවසන් කළ කෙනෙහි සිත්තරා ඇස් වැසෙන සේ වහන්තරාව බැඳ ගනු ලබයි. එසේ ඇස් වසා ගෙන කලින් පිළියෙල කොට තැබූ දිය බඳුනක් වෙතට කැඳවා ගෙන යනු ලබයි. මෙහිදී ඔහු අෂ්ටකයක් කියමින් හිස දොවා ගැනීම කරනු ලබයි.

එම අෂ්ටකය –

ගංගා යමුනා තීරේ, ශෝධා සින්දු සරස්වතී නර්මදා සින්දු තාවේරි, ජෙලෙස් නස්මින් සාන්ති පද්මං පත‍්‍රං විසා ලක්ෂ්(මී), පද්මං කේසරං වරං මිස්පුරේ, නිත්‍යං පද්මාලයං දේවී, ස්වහ්පාතු සරස්වතී
මෙහි අදහස වන්නේ මෙම උත්සවය මෙම ගංගා හතෙහි ජලයෙන් පවිත‍්‍ර කෙරෙන්නක් ලෙස කරන යාගයකි. ප‍්‍රධාන ශිල්පියා මිනිසුන් ඉදිරියේ ඔවුන්ට කාර්මිකයා මෙසේ චාරිත‍්‍රානුකූලව ස්නානයෙන් පවිත‍්‍ර වන අතරම තම කඩුවෙන් දිය කපයි. මෙයින් පසුව බඳුන බිඳ දමනු ලැබේ.
ඉන් පසුව විහාරයට පැමිණ මංගල්‍යයෙන් පසු වසන ලද පරිස්සමෙන් විවෘත කරනු ලබයි. ප‍්‍රධාන ශිල්පියා මිනිසුන් ඉදිරියේ ඔවුනට පිටුපා සිට මුහුණ පා දොරකඩ සිට ගත් විටීකර්ති‍්‍ර දරිසනය ආවාv යනුවෙන් මිනිසුන් අනුග‍්‍රාහකයා කාර්යය බාලීමට ආවේ යයි කෑ ගසනු ලබයි. මෙවිට අනුග‍්‍රාහකයා දොර වෙත පැමිණ කාර්මිකයාට තෑගි පිරිනමනු ලබයි. කාර්මිකයා එම තෑගි තම ශිෂ්‍යයෙකු අතටදී දිය ගෙන මතුරා පිරිසට ඉසිනු ලබයි. මේ අවස්ථාවේ දී රාජකීය නැතහොත් අනෙක් අනුග‍්‍රාහකයා විහාරයට ගම් බිම් පූජා කොට එහි සේවය සඳහා භිඏූන් යෙදවීමට කටයුතු සූදානම් කරනු ලබයි.
මෙවැනි අවස්ථාවකින් පසුව සාමූහික පුද පූජා පැවැත්වීමේ දී රජතුමා නිළමෙවරුන් සහ වැසියා සමඟ කිට්ටු ඇසුරට වැටේ. මෙවැනි පූජා නිම වීමෙන් පසුව පිළිමය ඉදිරියෙහි වූ තිර ඉවත් කරනු ලබයි. එවිට හැම දෙනාම සාධු` සාධු` හක්‍ෂ නගති. නේත‍්‍ර සිත්තම දින කීපයක් පුරා පැවැත්වෙන අතර මේ අවස්ථාවේදී ද කාර්මිකයනට තෑගි භෝග පිරිනමනු ලබයි. විහාරයට චාරිත‍්‍රානුකූලව ගම් බිම් පුද කිරීමද සිදු කරනු ලබයි.
පිංකම අවසාන වී කාර්මිකයෝ ගම් බිම් බලා යාමට පෙර සතියක් විහාරයෙහි නැවතී සිටියි. ඔවුන් ආපසු යන රාති‍්‍රයෙහි පවිත‍්‍රත්වය සර්වාංග සම්පූර්ණ කිරීම සඳහා පිරිත් සජ්ඣායනයක් කරනු ලබයි.

සිංහල මෝස්තර වර්ග –

සිංහල මෝස්තර කලාවේ මූලාංග
(1) දිව්‍ය –
සූර්ය (ඉර), චන්ද්‍ර (හඳ) සංකේත
(2) සත්ත්ව –
(1) මිත්‍යා –
කිඳුරා, කැරපෙන්දියා, ඇත් කඳ ලිහිණියා, මකරා, භේරුණ්ඩ පක්ෂියා, නරසිංහ, ගජසිහ
(11) ස්වාභාවික මූලාදර්ෂයක් සහිත අර්ධ මිත්‍යා –
හංස, සිංහ, නාග
(111) ස්වාභාවික (අලංකරණාත්මකව යොදන නියම සත්වයෝ)
මාලූවා, පක්ෂීහු, (විශේෂයෙන් ගිරවා) කුකුලා, මොණරා, සැළලිහිණියා, මුවා, හාවා, දක්‍ෂුලේනා, ගොනා (උසඹ), ඇතා, අශ්වයා, බල්ලා, කපුටා, මිනිසා (මනුෂ්‍යයා)

(3) උද්භිද –
(1) මිත්‍යා – (අර්ධ මානුෂික)
නාරිලතා වැල, කඩුපුල්, පරසතු, පළොල්, දොඹ, ඉඹුල්, කප්රුක, මහරි

සම්මත –

කතුරු මල, පිච්ච මල, සීන මල, නෙලූමත පලාපෙති (නෙලූම් පෙති), මල
(සාමාන්‍යයෙන් මල), සපු මල, වැටකෙයියා, මල් – ගහ හෙවත් පෝච්චියේ මල, ලිය වැල (ශාඛාව හෝ ලතාව), ලිය – පත (වැල් කොළය), බෝ කොළ බෝ – පත් – කාඟුල්, සුලිය, මාලය සහ විශේෂ සිංහල නම් අවිද්‍යමාන පාරම්පරික මෝස්තර
අන්නාසි මල, වැල් පට (වැල් දඟරය), හනිසකල්, කැකුළ හා මල, කේතුව, මණි පත‍්‍ර හුදෙක් පලතුරු මුල් කොට උපන් මෝස්තර දක්නට නැත.

නිර්ජීවී – ජ්‍යාමිතීය

බිංදුව, ඉරි, වක, වෘත්තය, සංගසූරිය, ති‍්‍රකෝණය, දිය රැුල, තොරණ, කතිරය, ස්වස්තික දියනා අල්ලි, විශේෂයෙන් දැල, කුන්දන් වැඩ, කලාර දඟය, කුන්දිරික්කන්, හතරැුස් අල්ල, ගණ ගාට, වාටි ගල් බිංදුව, අරිම්බුව, පනාව, නාඩිය සහ සැරසිලි රේඛා රටා.
මෙම මූලිකාංග සංකලනය පිළිබඳව ක‍්‍රම වේදයන් මෙසේ සැකෙව්න් දැක්ව්ය හැකිය. අනුපූර්ව පුනප්පුන භෝගය, ඒකාන්තර පුනප්පුන (එකක් හැර එකක්), ඛන්ඩ ලතාව, අඛන්ඩ ලතාව, කැකුළ හෙවත් ගැටය (ගැට, පොත, බන්ධ), දඟර (පූට්ටුව, දඟය), ආවර්තය (පෝරුව), නිග‍්‍රහය (අවඥාව, තරහය), මාලා කර්ම, මුඛයේ පුෂ්පය, මංගල්‍ය ලඏණ හෙවත් මඟුල් ලකුණු 108 ද විස්තර කොට අර්ධ වශයෙන් නිරූපිතය.

ඉර හඳ

සදාකාලික භාවයේ සංකේතයන් ලෙස ඉර හඳ සන්නස් වලද, මායිම් ගල් වලද කොටා ඇත. සරළ මණ්ඩලයක් හා නව සඳ මෙන්ද මනුෂ්‍යයා ලඏණ සහිතව වෘත්තයක් මෙන්ද ඉර හා හඳ නිරූපණය කෙරේ. බාලයන් ගේ පදක්කම් වලට ආරඏාව සඳහා යෙදෙන ඉර සහ හඳ දැකිය හැකිය. විශාල වර්ණ චිත‍්‍ර වශයෙන් යොදන සූර්යයාට හැම අවස්ථාවකදීම මිනිස් අඟ පසඟින් යුත් පිරුණු වටකුරු මුහුණක් ඇත. සම රූපය සහිතව චන්ද්‍රයා ඇත. අටෝරාශියක් (108) මඟුල් ලුකුණු අතර ඉර හඳ සළකුනද ඇත. කිසිම අවස්ථවකදී සූර්යයාට හා චන්ද්‍රයාට පුද පක්‍ෂුරු ඔප්පු කොට නොවඳින නමුදු අරක්ගත් දෙවියන් හා ආරඏකයන් වශයෙන් බොහෝ විට යදිනු දක්නට ලැබේ.

කිඳුරා

කින්නර හෙවත් කිඳුරන් සිංහල සිත්තරුන් ගේ චිත‍්‍ර වල උඩු කය මනුෂ්‍ය හා අධෝ කය පඏි රූපාකාර ගෙන ඇත. දිය කිඳුරකු වැනි වුවද මිනිස් අත් පා උරහිස ද පියෑඹීමට තරම් විශාල පියාපත් ද වීය. අනෙකුත් මිත්‍යා සත්වයන් මෙන් මොවුහුද හිමාලයෙහි වසති. සාමාන්‍ය ලෝකය හා සංකල්පිත උතුම් ලෝකය අතර මෙහි පිහිටි මායිම කවර මොහොතකදී වුවද අතුරුදන් වනු ඇත. එහෙත් කිඳුරා යන වචනය පිළිබඳව සැක මුසු තැන් ඇත. අර්ධ මිනිස් හා අර්ධ අශ්ව සතෙක් කිඳුරා යනුවෙන් හඳුන්වන බවට මතයක් විය. මොවුහු ගී ගැයීමට හපන් නිසා කිඳුරන් යනුවෙන් හඳුන්වන්නට ඇතැයිද මතයකි.

SHARE
Previous articleBentota Rajamahaviharaya
Next articleDictionary