Paduwasnuwara Raja Maha Viharaya - Tampita Viharaya

පඩුවස්නුවර හෙවත් පරාක්‍රමපුරය පැරකුම් මාලිගය පිහිටි ඇතුලුනුවර නැගෙනහිර දොරටුවෙන් නික්ම  රජ මහා විහාරය දෙසට යන විට  විහාර සංකීර්ණය තුල  අවසාන ලෙස මෙම ටැම්පිට විහාරය හමුවේ.  මෙම විහාර බිමේ 9 හා10 සියවස්වලට අයත් ටැම් ශිලා ලිපි කිහිපයක් දක්නට ලැබේ.

මුලින්ම ගල් කණු 6 ක් මත  දෙපලයෙන් යුතු විවෘත මණ්ඩපයක් ඇත.  ඊට පිටුපසින්  අඩි 3 උස කලුගල් ටැම් 16 ක් මත දිග අතට යොදන ලද අඟල් 10 ලී බාල්ක දෙකක් ද හරහට යොදන ලද අඟල් 10 ක පමණ ලී බාල්ක 3 මත  අඟල් 4 පමණ ලී තට්ටුවත් යොදා පිළිමය ගෙන තනවා ඇත.  මෙම පිළිම ගෙයට පිවිසීමට ඇති ලී තරප්පු පෙළ මෙන්ම විහාර ගෙයි පාදම සහ වහලය ද පසුව ප්‍රතිසංස්කරණ කරන ලද්දකි.

පිවිසෙන උළුවස්ස කැටයම් රහිතව දොරපියන්වල සරල මල් මොස්තරයකි.  නිල්වර්ණය පසුබිම සඳහා යොදාගෙන ඇත.  දොරටුපාලක සිතුවමෙහි කඩුව පලහෙලා අනෙක් අතද පහත හෙලා සිටී.  රාජපුරුෂයෙකු ගේ සිත්තමක්  ඇතුලත බිත්තිවල  රූප දෙක බැගින් සිතුවම් කර ඇත. 

පිළිමයගෙයි හිඳි බුද්ධ ප්‍රතිමාව භූමි ස්පර්ශය සහිත වන අතර දෙපසින් හිටි බුද්ධ ප්‍රතිමා දෙක අභය මුද්‍රාවෙන් යුක්තය.  වියන නෙලුම් මල් මෝස්තරය මෙන්ම  වෙනත් මල්යොදාගෙන ඇති පොකුරු මෝස්තරයක් ද, මල් මාලා මෝස්තරයක් සිතුවම් කර ඇත.