Kempitakandha Tampita Viharaya

රඹුක්කන සිට මාවනැල්ල පාරේ පත්තම්පිටිය හන්දියෙන් කෙම්පිටිකන්ද මාර්ගයේ කිලෝමීටර් 4 ක් ගමන් කොට මෙම කෙම්පිකන්ද ටැම්පිට විහාරය  ළගාවිය හැක.

මෙය කුඩා ටැම්පිට විහාරයකි. ප්‍රතිමා මන්දිරය අඩි 2.8 උස ගල්ටැමක් මතය.  සම්පූර්ණ විහාර ගොඩනැගිල්ල දිග අඩි 20 ක් ද පළලින් අඩි 14 ක් පමණ වේ. ප්‍රදක්ෂිණා පථයට යොදා ඇති දැව කණු මැදිවන ලෙස යෙදු අඩි  3 උඩ දැව වැට එහි කොටසක ලැටිස් මෝස්තරය යොදා සාදා ඇත.  එය පසුකාලීනව අලුත්වැඩියාට ලක්වන්නට ඇත.  ඉදිරිපස දොරටුව කඩුව අතින් ගත් දොරටු පාලකයන් දෙදෙනෙකි.